Tag Archives: Mahinda Rajapaksa

නිදහස් කළ කොටි රැඳවියන් නිසා හිටපු ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ ජීවිතයට තර්ජනය වැඩියි

සිරිසේන වික්‍රමසිංහ සුසංගත රජයේ තීරණයක් අනුව පුනරුත්තාපනය නොකළ දරුණු එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස් කිරීම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී ඇතැ බව තුමාගේ මාධ්‍ය එ්කකය පවසයි. මෙම තීරණයත් සමගම ඇතිවී ඇති නව වාතාවරණය යටතේ හිටපු ජනාධිපතිවරයාගේ

දේශප්‍රේමියා තක්කඩියෙක් ද?

රටේ ආර්ථික හා ආරක්‍ෂක මූලධර්ම මහදවල් සෝදාපාළු වන බව දැක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලීමේන්තුවේ දී කළ අනතුරු ඇඟවීමට ජනපති සිරිසේන ප්‍රතිචාර දැක්වූයේ ‘තක්කඩියාගේ අවසන් සරණ දේශප්‍රේමය’ බව කියන 1784 දී මියගිය සැමුවෙල් ජොන්සන් නම් බ්‍රිතාන්‍ය ලේඛකයාගේ කියමන උපුටා දක්වමිනි.

“හමුදා ප්‍රතිසංවිධානයට මල්වඩම් වලින් ඉතිරිවූ මුදල් ගන්න” – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා නව පාර්ලිමේන්තුවේ මංගල කතාව කරමින් ඊයේ (4) කාරක සභා අවස්‌ථාවේ ආරක්‍ෂක අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක්‌වෙමින් කියා සිටියේ හමුදාව ප්‍රතිසතිසංවිධානය කිරීම සඳහා විදේශ රටවලින් ආධාර නොඉල්ලා මල්වඩම් වලින් ඉතිරි වූවා යෑයි

වෛරය සංසිඳවා ගන්න ජාතික ආරක්ෂාව අනතුරේ දමන්න එපා – හිටපු ජනාධිපති

හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (04) දිවා ආහාර විවේකයෙන් පසු පාර්ලිමේන්තුව අමතනු ලැබුවාය. එහිදී එතුමා ප්‍රකාශ කලේ තමා‍ගේ හෝ තමාගේ ආණ්ඩුවට එරෙහිව තිබෙන වෛරය පිරිමසා ගැනීමට හෝ පටු දේශපාලන කාරණා හේතුවෙන් රටේ ජාතික ආරක්‍ෂාව

ශ්‍රී ලංකාව ගැන සමන්තා පවර් ගේ පැටිකිරිය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇගේ ගමන පිළිබඳ විග්‍රහ කිරිමට ප්‍රථම ඇය කවුද යන්න පිළිබඳවත් එම ගමනේ වූ අමුත්ත කුමක්ද යන්න පිළිබඳවත් අප විසින් විමසා බැලිය යුතුය. එහිදි මෙරට දේශපාලනයේ ප්‍රකට හා පැරණි

2016 සඳහා අයවැය පාර්ලිමේන්තුවේන් සම්මත වෙයි!

2016 වසර සඳහා අයවැය දෙවන වර කියවීමෙන් පසු ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව මන්ත්‍රීවරු 159 ද විපක්ෂව 52 ද ඡන්දය ප්‍රකාශ කිරීම තුලින් වැඩි චන්ද 107 කින් අයවැය පාර්ලිමේන්තුවේ සම්මත විය. ආරුමුගම් තොණ්ඩමන්, ලක්‍ෂ්මන් සෙනවිරත්න හා ඩග්ලස් දේවානන්ද, දෙමළ ජාතික සන්ධානය

ජනපති සිරිසේනගේ ඉල්ලීම ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉවතලයි

පැරිස් නුවර සිට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) හදිසියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හමුවක් කැඳවිය. එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර චමල් රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 33 දෙනෙකු සහභාගී සිටියාය. එහිදී විපක්ෂය නියෝජනය කරන ශ්‍රී

ඇවන්ගාඩ් සේනාධිපති සියළු රහස් හෙළි කරයි

ඇවන්ගාඩ් සිද්ධිය ශ්‍රී ලංකා දේශපාලන කරලියේ තවමත් මහත් කතාබහට ලක්වී ඇත. ජ.වි.පෙ. විසින් පත්තු කල මේ ගින්න තිලක්‌ මාරපන මහතා ගේ ඇමැති ධුරයද අළු බවට පත්කරමින් තරමක් දුරට අවසන් වී ඇත. යහපාලන ආණ්‌ඩුවේම ඇමැතිවරුන් දෙදෙනකුට වන රාජිත සේනාරත්නත්, විජයදාස රාජපක්‍ෂත්

“හිටපු ජනපතිට විරුද්ධ පැමිණිලි 725 විභාග කරන්න කල්ගත වෙනවා” – මංගල

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු සමයේ සිදුවූ වංචා දූෂණ හා මිනීමැරුම් සම්බන්ධයෙන් වන පැමිණිලි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුල ඍජුවම සම්බන්ධ බවට පැමිණිලි 25 ක් පිළිබඳවත්, ඔවුන්ගේ ඍජු හෝ වක්‍ර සබඳතා සහිත පැමිණිලි 725 ක් පිළිබඳවත් විමර්ශන සිදුකරන

“ගමේ මිනිස්සුයි ශ්‍රිලනිපයේ බහුතරයයි තවමත් මහින්දටයි” – ලාල්කාන්ත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර කැමැත්ත තවමත් පවතින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතුව බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී ලාල්කාන්ත කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ප්‍රබල බෙදීමක් ද පවතින බව ඔහු කියා සිටී. ලාල්කාන්ත මහතාගේ අදහස

Top