ISIS සංවිධානය ලංකාවේ තහනම් කරන්න ! – හෙළ බොදු සවිය

ශ‍්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ සුරක්ෂිත රටක් ලෙස පවත්වා ගෙන යායුතු බැවින් අයි.එස්. අයි.එස් සංවිධානය ශ‍්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කල යුතු බව හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංස හිමියන් ප‍්‍රකාශ කළේය.

හෙළ බොදු සවිය සංවිධානය ලිඛිතව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ රට තුළ වර්ධනයවන ඉස්ලාම් අන්තවාදය පිළිබදව වහාම අවධනය යොමු කරන ලෙසත් සහ අයි.එස්. අයි.එස් සංවිධානය ශ‍්‍රී ලංකාව තුළ තහනම් කරන ලෙසත්ය.

මේ අතර අයි.එස්. අයි.එස් සංවිධානය අරාබි සහ ප‍්‍රංශ භාෂා වලින් නිවේදනයක් නිකුත් කරමින් මෙම අනතුරු ඇඟවමින් පවසා ඇත්තේ තම සංවිධානයට එරෙහිවන ඕනෑම රටකට ඉදිරියේදී පහර දෙන බවය. එම රටවලට සහ පුද්ගලයින්ට ඉදිරියේදී අඳුරු දිනයන් උදා වන බව එම නිවේදනයේ තව දුරටත් දැක්වේ.

පූජ්‍ය බුදුගල ජිනවංස හිමියන්ගේ ලිපිය

ගරු ජනාධිපති තුමා
ජනාධිපති ලේකම් කර්යාලය.
කොළඹ 01
ජනාධිපති තුමනි,

අයි‍.එස්.අයි.එස්. ත්‍රස්තවාදය ලංකාවේ තහනම් සංවිධානයක් ලෙස නම් කළ යුතුය.

ඉස්ලාම් අන්තවාදයත් සමග ගොඩනැගෙමින් ඇති අයි.එස්.අයි.එස් සංවිධානය ලෝකයට මහත් විනාශයක් කරමින් ඇත. ලංකාවේ ද ඉස්ලාම් අන්තවාදය ගොඩනැගිමට ඇති ප්‍රවනතාවයට වැට බැඳිය යුතුය. දැනට මාලදිවයිනයේ විශාල පිරිසක් මෙම ත්‍රස්වාදය සමග බැදි කටයුතු කරන බව ලෝක ප්‍රවෘත්ති වර්තාවලින් පෙන්වා දෙයි. එසේම දැනට මාලදිවයින් වැසියන් පකිස්තානුවන් විශාල පිරිසක් ලංකාවේ පංදිචියට පැමිණ ඇතැයි ද වර්තාවේ. එම නිසා මෙම ඉස්ලාම් අන්තවාදය පිලිබදව හෙවත් අයි.එස්.අයි එස් ත්‍රස්වාදය සෙවිටම අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරිමට අවශ්‍ය බැවින් ලංකාවේ අයි.එස්.අයි.එස් ත්‍රස්වාදය තහනම් සංවිධානයක් ලෙස තහනම් කළ යුතු යැයි යෝජනා කර සිටිමු.

අපට එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදී සංවිධානය ලෝකයේ වෙනත් රටවල තහනම් කර තිබිම නිසා ඒ සඳහා මැදිහත් වීමට එම රටවලට හැකියාව තිබිණි. අද අපට ලෝකයේ තනි රාජ්‍යයක් ලෙස පෙනී සිටිමට නොහැකිය. ලෝක ප්‍රවනතා සමග ගමන් කළ යුතුය. එබැවින් ගරු ජනාධිපති තුමනි යම් දෙයක් සිදු විමට පෙර, පෙර සුදානම් විම දුර දක්නා රාජ්‍ය නායකයෙක් ගේ වගකීමය. අපගේ රටේ ඇති ආගමික හා ජාතික නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනිමට මාන බල පිරිස් නැතැයි අපට විශ්වාස කළ නොහැකිය.

බ්‍රසල්ස් නුවර සිදු වු ආවසනාවන්ත සිදු විමටක් අපට තුළත් සිදු වුවහොත් අද නැගීගෙන එන සංචාරක ව්‍යාපාරයට ද විශාල වශයෙන් කඩ වැටිමට ඉඩ ඇත. ලංකාව දියුණු රාජ්‍යක් කිරිමට ඇති ප්‍රධාන මාර්ගයක් ලෙස දැක ගත හැකි වන්නේ සංචාරක ව්‍යාපාරයි. එම නිසා ලංකා ත්‍රස්වාදය නොමැති ආරක්ෂිත රටක් වශයෙන් ප්‍රචලිත කිරිමට නම් මෙවැනි ත්‍රස්ත සංවිධාන තහනම් කර දකුණු අසියානු කළාපයේ සුරක්ෂිත රටක් ලෙස පවත්වා ගෙන යායුතු බැවින් අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය තහනම් කළ යුතුයැයි අපි යෝජනා කර සිටින අතර මෙවැනි තත්ත්වයක් උදාවුවහොත් එයට මුහුණ දිය හැකිවන අයුරින් විශේෂ ආරක්ෂක පුහුණු ඒකකයක් ස්ථාපිත කරන ලෙස ද යෝජනා කර සිටිමු.

සසුන්ලැදි,

බුදුගල ජිනවංස හිමි
සභාපති
හෙළ බොදු සවිය

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top