1700ක් භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රණවිරු ජය පිරිතට හිටපු ජනපති සහභාගීවෙයි (චයාරුප සමග)

රටවෙනුවෙන් සටන් කර දිවි පිදු රණවිරුවන්ට පින් පැමිණවීමටත්, අබදධිතවූ සහ අනෙකුත් සියලුම රණවිරුවන්ට සෙත් පතා ජය පිරිත් දේශනයක් පැපිලියානේ ශ්‍රී සුනේත්‍රා දේවි පිරිවෙනෙහිදී 1700ක් භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් අද (27) සවස පැවැත්වුණි.

පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු මහා සංඝ රත්නය විසින් 8 වන වරටත් පත්වනු ලැබූ ජය පිරිත් දේශනාව සංවිධානය කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

මානුෂික මෙහෙයුම සමයේ සිටම ගෝඨාභය රාජපක්ෂ මහතා තම වගකීමක් ලෙස සලකමින් රණවිරුවන්ගේ අධ්‍යත්මික සංවර්ධනය සදහා දායකත්වය ලබාදුන්නාය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ බිරිඳ, විවිධ ජන නායකයින් සහ මියගිය රණවිරුවන්ගේ නෑදෑ හිතවතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

රට ජාතිය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට පින් පැමිණවීමේ  මහා ජය පිරිත් දේශනයේ සමාරම්භක චායරුප.

01 02 06 09 11 12 10 13 14 0304050708

 

 

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top