හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිදහස් දින පණිවුඩය

මගේ මුලු පවුල සමග, මාත් අත්අඩංගුවට ගත්තත්, අපේ රටේ නිවහල් භාවය නැවත ප්‍රතිශඨාපනය කිරීම, අපේ මවුබිමේ භෞමික අඛණ්ඩතාවය තහවුරු කිරීම, ඇනහිට තිබෙන ආර්ථික සංවර්ධනය නැවත ආරම්භ කිරීම සහ අපේ ජාතික අභිමානය රැකීම යන වැඩපිළිවෙලින් මා ඉවත් නොවන බව මේ 68 වෙනි නිදහස් දිනය සමරන අවස්තාවේදී ජනතාව ඉදිරියේ ශපතකර සිටිමි.

2016 පෙබරවාරි 04 වෙනිදා, අපි නිදහසේ 68 වෙනි වසර සමරන්නෙමු. අවුරුදු 450 ක් බලා සීටීමෙන් පසු 1948 දී මගේ පියාද සාමාජිකත්වය දැරූ ඩී.එස්. සේනානායක මහතාගේ ආණ්ඩුව යටතේ අපි නැවතත් නිදහස් දේශයක් විය. ඒ වන විට සියවස් හතර හමාරක් මුලුල්ලේ බටහිර යටත් විජිත බලවතුන් විසින් ඔවුන්ගේ උවමනා එපාකම්වලට අප රට රිසි සේ පාවිච්චි කොට තිබුණි.1972දී ජනරජ ව්‍යවස්ථාවෙන් අපි යටත් විජිත සමයත් සමග තිබූ අවසන් සංකේතාත්මක සම්බන්ධතාවයත් අතහැරීමෙන් සම්පූර්ණයෙන්ම නිවහල් රටක් බවට පත්විය. නමුත් එයත් එක්කම 1970 දශකයේ මුල සිට විදේශීය බලවතුන්ගේ සහයෝගයද ඇතුව මේ රටේ වර්ධනය වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය නිසා අපේ නිදහස වෙනත් ආකාරයේ ඇහිරීමකට ලක් වුණි.

අපේ රණව්රුවන්ගේ ඉමහත් කැප කිරීම් නිසා 2009 මැයි මාසයේ දී අපේ මුලු රටම වෙලාගත් බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවිය. නමුත් කුමන්ත්‍රණකාරී බලවේගවල ක්‍රියාකාරීත්වය නිසා නැවත වතාවක් ඒ ලැබූ නිවහල් භාවයද අප වෙතින් නොබෝ කලෙකින් ගිලිහී ගියේය. 2015 ජනවාරී 8 වෙනිදා සිට අපේ රට නැවතත් විදේශීය බලවතුන් විසින් තමන්ගේ උවමනා එපාකම්වලට භාවිත කරමින් සිටියි. පසුගිය වසරේ සිට විදේශීය ප්‍රභූවරුන් තමන්ගේ නවතම ‘යටත්විජිතය’ නැරබීමට එන ලීලාවෙන් වැල නොකැඩී පැමිණෙන අකාරය අපි දුටුවෙමු. දශක හතරක ත්‍රස්තවාදයෙන් දිනාගත නොහැකි වූ දෙය මේ විදේශීය බලවතුන්ගේ පිහිටෙන් ලබා ගැනීමට බෙදුම්වාදීන් බලාපොරොත්තුවෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ විදේශීය බලවතුන්ගේ බලපෑම යටතේ භයානක කොටි ත්‍රස්තවාදීන් මුදා හරිනු ලබන අතර, රණවිරුවන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හිරභාරයට ගෙන ඇත. එයින් නොනැවතී අපේ රණව්රුවන් යුධ අපරාධ චෝදනා යටතේ බන්ධනාගාරගත කිරීමටත් දැන් පිඹුරුපත් සකසමින් සිටී.

මේ සිදුවෙන ක්‍රියාදාමයෙන් අප ඉගෙනගත යුත්තේ, නිදහස හා නිවහල් බව යනු දිනාගත් පසු නිකම්ම තිබෙන දෙයක් නොව නිරන්තරයෙන්ම ආරක්‍ෂා කල යුතු දෙයක් බවයි. විදේශීය මුදල් වලින් නඩත්තු වෙන රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන් පිරිසක් පසුගියදා යහපාලන ආණ්ඩුවේ නායකයන් හමුවී මේ පෙබරවාරි 4 වෙනිදාට පෙර මගේ ආන්ඩුවේ සාමාජිකයන් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත යුතුයි කියා බලපෑම් කර තිබේ. විදේශීය ඒජන්තවරුන්, පෙබරවාරි 4 නිදහස් දිනයට පෙර එවන් දෙයක් කිරීමේ සංකේතාත්මක වැදගත්කමක් දැකීම ගැන මම පුදුම නොවෙමි.

මේ කරපු බලපැම් වල ප්‍රතිපලයක් හැටියට මගේ පුත් යෝෂිත, මගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග සහ CSN නාලිකාවේ අධ්‍යක්‍ෂවරුන් වන කවිෂාන් දිසානායාක හා රවිනාත් ප්‍රනාන්දු යන අය හිරභාරයට ගෙන තිබේ. මේ අත්අඩංගුවට ගැනීම් කර තිබෙන්නෙ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විමර්ශන කිරීමට කියා පොලීසියට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඇති විවෘත වගන්තියක් යටතේය. මගේ මුලු පවුල සමග, මාත් අත්අඩංගුවට ගත්තත්, අපේ රටේ නිවහල් භාවය නැවත ප්‍රතිශඨාපනය කිරීම, අපේ මවුබිමේ භෞමික අඛණ්ඩතාවය තහවුරු කිරීම, ඇනහිට තිබෙන ආර්ථික සංවර්ධනය නැවත ආරම්භ කිරීම සහ අපේ ජාතික අභිමානය රැකීම යන වැඩපිළිවෙලින් මා ඉවත් නොවන බව මේ 68 වෙනි නිදහස් දිනය සමරන අවස්තාවේදී ජනතාව ඉදිරියේ ශපතකර සිටිමි.

මහින්ද රාජපක්ෂ

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top