හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බොරු චෝදනා කර ඉල්ලං කයි

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මතදී මාධ්‍ය හමුවක චෝදනා ප‍්‍රකාශයකින් පැවසුවේ රාජපක්‍ෂ පාලන සමයේ නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරයේ ගනුදෙනු වෙනස් කිරීම මගින් රුපියල් මිලියන 15,000ක කොමිස් ලබාගත් බවය.
මාධ්‍ය නිවේදනයක් මගින් වහාම ඊට ප‍්‍රතිචාර දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා දින වකවානු සහිතව ගනුදෙනු වෙනස්වී ඇත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ කාලයේ බව ඔප්පු කලාය.

ඒ අනුව බලාගාරයේ පළමු අදියර සඳහා 2005. 06. 10 ඉදිරිපත් කොට ඇති ඇස්තමේන්තුව ඩොලර් මිලියන 398කි. ඉන් මාස දෙනකකට පසුව 2005. 08. 30 දින එම මිලගණන් සංශෝධනය කොට අදාළ ඇස්තමේන්තුව ඩොලර් මිලියන 471 දක්වා ඉහළ දැමීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය එකඟවී ඇත. එහිදී මාස දෙකක් තුල දී මිල ගණන් ඉහළ යාම නිසා ඇස්තමේන්තුව එපමන ප‍්‍රමාණයකින් ඉහළ ගිය බව පිළිගත නොහැක.
එසේනම් ඩොලර් මිලියන 73ක මුදලේ වෙනස පිලිබඳව එතුමිය වග කිව යුතු බව පැහැදිලිවේ.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව එම ඇස්තමේන්තුව ඩොලර් මිලියන 450 දක්වා අඩුකර ගැනීමට සමත්වී ඇත. වසරකට අධික කාලයකට පසුව මුල් මිල ගණන් වැඩි විය යුතු තත්වයක් යටතේ එම අඩුකිරීම සාර්ථක සාකච්ජාවක ප‍්‍රතිඵලයක් බව පැහැදිලිවේ.

ඒ අනුව කුමාරතුංග මහත්මිය ඩොලර් මිලියන 73ක පාඩුවක් රටට සිදුකිරීම හෝ යමෙකුට කොමිස් ලබා ගැනීමට ඉඩසැලසීම පිළිබඳව යම් ප‍්‍රකාශයක් කළ යුතුය.

අද ලක්දෙරණ මුල්‍යමය වංචා පිලිබඳ විශේෂඥ නීතිවේදියෙකුගෙන් අදහස් විමසු විට ඔහු අප වෙත පැවසුවේ විරුද්ධව පොදු දේපළ යනත යටතේ හෝ අල්ලස් දුෂණ පනත යටතේ එම පාඩුවට අදාළව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට විරුද්ධව නඩු පැවරිය හැකි බවය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top