හිටපු ජනපති අධිකරණයට යයි (වීඩියෝ සමග)

තාමාට සිදු කෙරෙන මඩගැසීම්, චරිත ඝාතන සහ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හරහා ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉදිරියේදී ක්‍රියාකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

ඊයේ (13) මතුගම ගොරකදූව නන්දනවන විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ එතුමා පැමිණ සිටි මාධ්‍යට මේ බව සඳහන් කළාය.
ඔහු පෙන්වා දෙන්නේ තමාට එරෙහිවද මේ වන විට නඩුවක් පැවරීමට උත්සාහ දරමින් සිටින බවයි. ඒවගේම මුදල් ඇමති රවී කරුණානායක මහතා පසුගියදා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා ලංකාපුත්‍ර බැංකුව සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනපතිගෙන් මිලියන 2000ක් ඉල්ලා අපහාස නඩුවක් දමන බවය.
මේ වන විටත් හිටපු ජනාධිපතිවරයා විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය දා රාජපක්ෂ පවුල සතුව ඩොලර් බිලියන 18ක විදේශ වත්කම් ඇතැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෝටි 100ක වන්දි ඉල්ලා විදේශ ඇමතිවරයාට එන්තරවාසියක් ද යවා බව මාධ්‍යට දැනගන්න ලැබී ඇත.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය

වීඩියෝ මුලාශ්‍රය: හිරු රුපවාහිණි නාළිකාව.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top