“හිටපු ජනපතිට විරුද්ධ පැමිණිලි 725 විභාග කරන්න කල්ගත වෙනවා” – මංගල

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු සමයේ සිදුවූ වංචා දූෂණ හා මිනීමැරුම් සම්බන්ධයෙන් වන පැමිණිලි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුල ඍජුවම සම්බන්ධ බවට පැමිණිලි 25 ක් පිළිබඳවත්, ඔවුන්ගේ ඍජු හෝ වක්‍ර සබඳතා සහිත පැමිණිලි 725 ක් පිළිබඳවත් විමර්ශන සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා නොවැම්බර් 18 වැනිදා සිරිකොත පක්ෂ මුලස්ථානයේ පවතී මාධ්‍ය හමුවේදී පැවසීය.

එම පැමිණිලි චෝදනා සියල්ල විමර්ශනය කිරීමට දීර්ඝ කාලයක් ගත වන බවත්, එහි සඳහන් එක් පැමිණිල්ලක් විමර්ශනය කිරීමට අදාළ නිලධාරීන්ට රටවල් හයකට යාමට සිදුවූ බවත් අමාත්‍යවරයා පැවසුවාය.
කොපමණ කාලයක් ගතවුවද ජනතාවට පොරොන්දු වූ ආකාරයටම පසුගිය ආණ්ඩුව සමයේ ජනතාවට, රටට අහිමි වූ ධනය නැවත ලබාදීමට යහපාලන ආණ්ඩුව ක්‍රියාකරන බවද මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.
ලෝකයේ අනිකුත් රටවලද මෙවැනි මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ සෙවීමට විශාල කාලයක් ගතවී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නාය.

වත්මන් ආණ්ඩුව සිය මංගල අයවැයට ප්‍රථම මෙරටට සුවිශේෂී ජයග්‍රහණ රැසක් ලබාදුන් බවත්, ඉදිරි වර්ෂය තුළ විශාල කාර්යභාරයන් රැසක් ඉටුකිරීමට රජයට වගකීම් පැවරී ඇති බවත් මංගල සමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
අමාත්‍ය මංගල සමරවීර මහතා තම ප්‍රකාශයේදී පරීක්ෂණ පැවැත්වීමට නිලධාරින් ගිය රටවල් හය සහ ඒ සඳහා කොපමණ මුදලක් වැය වුවාදැයි සඳහන් නොකළ අතර, මෙවැනි පරීක්ෂණ මේ ආකාරයට පවත් වන අන් රටවල් මොනවාදැයි ද සඳහන් කලේ නැත.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධ පිලේ කැපී පෙනෙන චරිතයක් වූ සමරවීර මහතා තම විරුද්ධවාදීන් පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති සත්‍ය ලෙස මහජනතාවට ඒත්තු ගැන්වීමේ නිපුණතාවයක් ඇති පුද්ගලයෙකු ලෙස ශ්‍රී ලංකික ජනතාව අතර ප්‍රකටය. සමරවීර මහතා නව රජය බලයට පැමිණීමෙන් පසු හිටපු ජනාධිපති රාජපක්‍ෂ මහතාට චෝදනා ගණනාවක් කල අතර මින් ප්‍රධාන වන්නේ “කුමන්ත්‍රණ” චෝදනාවයි. එම චෝදනාව ඇතුළුව ඔහු කල කිසිදු චෝදනාවක් මේ දක්වා ඔප්පු කර නැත.

 

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top