හංසයාගේ පිහාටු එකින් එක හැලෙන කොට කොටියා මතු වෙයි

ශ්‍රී ලංකාව දෙකඩ කර, මේ රට දුර්වල කර රටේ ස්වාභාවික සම්පත් සුරා කැමේ න්‍යාය පත්‍රයට මහින්ද රාජපක්ෂ වැනි සවිමත් නායකයෙක් බාධාවක් වන බව දන්නා මෛත්‍රි ,රනිල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දේශපාලන කරලියෙන් ස්ථිර වශයෙන් පන්නා දැමීමට උත්සහ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. ඔහු මේ බව පැවසුවේ අද කොළඹ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
ගම්මන්පිල මහතා එම සාකච්චාවේදී තවදුරටත් මෙසේ පැවසිය.

“ගෝලිය දෙමළ සංසදය සමග විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහත්මයා සිදුකළ සාකච්ඡා පිළිබදව පසුගිය සදුදා අපි එළිදරව් කලා. අපි එතනදී ප්‍රශ්න කරා ජනාධිපතිතුමාගෙන් ඔබතුමා සපත්තු තොරන අතරේ තහනම් ගහේ ගෙඩි කලා තියෙනවා විදේශ අමාත්‍යවරයා. අපේ ජි.එල් පිරිස් ඇමතිතුමා විදේශ අමාත්‍යධුරය දරන සමයේ තහනම් කරන ලද සංවිධානයක් වන ගෝලිය දෙමළ සංසදයත් සමග මෙතුමා සකච්ඡා කළේ කාගේ අවසරයකින්ද කියලා අපි ප්‍රශ්න කලා. මේ වනවතුරු ආණ්ඩුව මේ පිළිබද ප්‍රකාශයක් කරලා නෑ. මංගල සමරවිර ඇමතිතුමාට රටේ නිතිය කඩ කල වරදට දඩුවම් කළ යුතුයි.නැත්නම් ඒ සදහා අවසර දුන්නේ අගමැති ද ?ජනපතිද ?නැත්නම් ඇමති මණ්ඩලයද කියලා රටට හෙළි කරන්න. මොකද මේ රටේ ජනතාවට රටේ ඉරණම ගැන තිරණයක් ගන්න තියෙනවා”.

“මේ ගෝලිය දෙමළ සංසදය තමන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග අපරාදේ කියන්න බෑ වේබ් අඩවි ඔස්සේ රටටම කියලා තියෙනවා. කරුණු 4ක් මත සිටවු වැඩසටහන් අපට තියෙනවා කියලා . මේ වැඩපිළිවෙලේ ප්‍රධනතම අංගය තමයි ශ්‍රි ලංකාවේ සිදුවුනාය කියන මේ අය පවසන යුධ අපරාධ පිළිබද ජාත්‍යන්තර පරික්ෂණයක් පැවැත්විම. පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනාම එක හෙලාම කියා සිටියා අපි ජාත්‍යන්තර පරික්ෂනයට විරුද්ධයි.එහෙනම් සිරිසේන මහත්මයාට ඡන්දය දුන් ලක්ෂ 62ත් , මහින්ද මහත්තයා ඡන්දය දුන් මේ ලක්ෂ 120 ම ඡන්දය දුන්නේ ජාත්‍යන්තර පරික්ෂණයට විරුද්ධවයි.එහෙම පසුබිමක ජාත්‍යන්තර පරික්ෂණයක් යුධ අපරාධ චෝදනා වලට පැවැත්වීම තමන්ගේ න්‍යාය පත්‍රෙය් අංක එක ලෙස පවත්වාගෙන යන ගෝලිය දෙමළ සන්සදයත් සමග මංගල සමරවිර අමාත්‍යවරයා සිදු කරන කථා මොනවද? මේ බව රටදැන ගත යුතුයි. මේ අයගේ දෙවැනි කාරණය වේලා තියෙන්නේ විසිරි ඇති සියළුම දෙමළ සංවිධාන එකතු කර දෙමළ ජනතාවගේ අභිලාෂය පිළිබද පොදු ප්‍රකාශනයක් යළි බිහි කිරිම. යළි බිහිකිරිම යනු 1976 වඩුක්කුඩෙයි නගරයේ පැවැත්වුනු දෙමළ එක්සත් පෙරමුණේ පක්ෂ හමුවේදි වඩුක්කුඩෙයි ප්‍රකාශනය කියලා ප්‍රකාශයක් සදහන් කලා. එකම තමයි තිම්පු වල සකච්ඡාවට පදනම් කර ගත්තේ. අද ලොකේම මේක දන්නවා තිම්පු සංකල්පය කියලා . පළමු සංකල්පය තමයි දෙමළ යනු අන්‍යය වු ජාතියකි. දෙවන සංකල්පය උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ නිජබිමයි. මේ දෙක එකට එකතුකරලා 03 වන සංකල්පය ශ්‍රි ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට සවංනිර්ණ අයිතිය තිබේ”.

“එකට ඉන්නවාද වෙන් වෙලා යවනවාද කියලා තිරණය කිරිමට ස්වජාත අයිතියක් ඇතැයි කියල තමයි මේ 03 වන කාරණයෙන් කියන්නේ.එතකොට මේ ප්‍රකාශනයට කැපවු සංවිධානයක් තමයි 2009 යුධ ජයග්‍රහනයෙන් පසු බිහි වු ගෝලිය දෙමළ සංසදයේ ප්‍රධාන අරමුණු 02 ක වන්නේ. මේ වැනි සංවිධානයක් සමග රහසේ කටුකුටු ගැවේ මොනවාද කියන එක මේ රටට අවම වශයෙන් පර්ලිමේන්තුවට හෙලිකිරිමේ වගකීමක් විදේශ ඇමතිවරයාට තියෙනවා”.

“වචන වල ඇති වැදගත්කම වවන අර්ථ ගන්වන්න පුළුවන් ආකාර එදා ඡන්දේය එද්දි අපේ අයට පැහැදිලිව තේරුනේ නෑ . දින 100න් අළුත් රටක් කියු එකග දින 100න් රටට අළුත් කරනවා කියලා නෙවෙයි කියුවේ. අපරාදේ කියන්න බෑ මේ අය බොරු කියල නෑ. ලංකාව අළුත් කරලා ගන්නවානම් කියත හැකියි රට අළුත් කරනවා කියලා. ලෝක සිතියමට දෙමළ ඊළම නමින් අළුත් රටක් එක් කිරිමටයි ජනවරම ඉල්ලලා තියෙන්නේ. එදා හංස වේශයෙන් ඔබ ඉදිරියට ආ‍‍වේ කොටියා. දැන් හංසයාගේ පිහාටු එක එක ගැලවිලා කොටියා මතු වෙන්න පටන් අරන් එක නිසා ජනතාව තිරණය ගත යුතුයි”.

“මේ ජූලි මාසේ 10 වෙනිදා බණ්ඩාරණායක ජත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී විදියේ විරෝදය සංවිධානයෙන් මහින්ද එපාය කියලා සම්මන්ත්‍රනයක් ලැස්ති කරලා තියෙනවා. විදියේ විරෝදය සංවිධානයෙන්ම තමයි ගිය මාසේ අනුරාධපුරයේ දී මහින්ද රාජපක්ෂ මහත්මයා පන්සලේ දේශපාලනය කරනවාට විරෝධය පලකරලා උද්ඝෝෂණයක් සිදු කලේ. එතකොට විදියේ විරෝදය සංවිධානයෙන් සංවිධානය කරනු ලබන මේ සම්මන්ත්‍රනය ඊට පස්සේ රට පුරා පවත්වනවා සම්මන්ත්‍රන, විරෝධතා , ගීත ගායනා මේ සියල්ලට අරමුදල් සපයන්නේ නොර්වේ හා කැනැඩියානු තනිපති කාර්යාල වලින්. ඉතාම වගකිමෙන් මෙය ප්‍රකාශ කරන්නේ. මට තේරුම් ගන්න පුළුවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අගමැති රනිල් වික්‍රමසිංහ,මහින්ද එපා කියන්නේ ඇයි? තමන්ගේ ප්‍රතිවිරුද්ධ දේශපාලකයා බලයට පැමිණිමට විරුද්ධ වෙනවාට මේ අය තේරුම් ගන්න පුළුවන්. කැනඩාවයි, නොර්වෙයි මහින්ද එපා කියන්නේ ඇයි? ඒ අයට මේ රටට දෙපලු කරලා රට දුර්වල කලා මේ රටේ ස්වාභාවික සම්පත් සුරා කැමේ න්‍යාය පත්‍රයට මහින්ද වැනි සවිමත් නායකයෙක් මේ රටට පාලනය කිරිම බාධාවක්. ඒ නිසා කැනඩාවයි, නොර්වෙයි මහින්ද එපා කියන තරමටම මේ රටේ ජනතාවට මහින්ද ඕන වෙලා තියෙනවා”.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top