සෝභිත හිමියන්ගේ අපවත්වීම කුමන්ත්‍රණයක් නොවේලු(වීඩියෝ)

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් පසුගිය 21 වැනි සඳුදා මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ සහ උඩුවේ ධම්මාලෝක යන හිමිවරුන් නාරාහේන්පිට අභයාරාමයේ පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවට ඊයේ (23) සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පක්ෂ මූලස්ථානයේදී ප‍්‍රතිචාර දැක්වූවා.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ස්වභාවිකව සිදුවූවක් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස බව මාධ්‍ය හමුවේදී බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා කියා සිටියා

සාධාරණ සමාජය ගොඩනැගීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතිශයින් කැප වී සිටින මොහොතක මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම කුමන්ත්‍රණයක්යැයි චෝදනාව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී.දිසානායක මහතා පවසන්නේ ‘‘මම නම් කියන්නේ උන්වහන්සේ අපේක්ෂා කළ සිහිනය ඉටු වුණා. ඒ තමයි මේ රටේ සියලු ජනවර්ග ඉවසන රාජ්‍ය නායකයෙකු මේ රටට පත්වීමයි. මම නම් හිතන්නේ උන්වහන්සේ ඉතාම සතුටින් අපවත් වූ බවයි. උන්වහන්සේ මරාගත් බවට කරන චෝදනාව උන්වහන්සේට කරන අපහාසයක්. උන්වහන්සේට සාධාරණයක් ඉෂ්ට කරලා ඉවරයි. උන්වහන්සේ පතපු ලෝකය දැන් බිහිවෙලා ඉවරයි. ජනාධිපතිවරයාත් අග්‍රමාත්‍යවරයාත් ඒ වගකීම ඉෂ්ට කරමින් ඉන්නේ.’’ යැයි දිසානායක මහතා මාධ්‍යට පැවසිය.

මේ මතභේදය පිළිබඳව අමාත්‍ය පී. හැරිසන් මහතා අදහස් දක්වමින් කියා සිටින්නේ උඩුවේ හිමියන්ගේ මෙම චෝදනාව අමුලික මුසාවක් බවත් ක්‌ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම කුමන්ත්‍රණයක්‌ නම් උඩුවේ ධම්මාලෝක හිමියන් ඒ පිළිබඳව වහාම රහස්‌ පොලිසියට පැමිණිලි කල යුතු බවයි. අපවත්වීම පිළිබඳව සැකය ඇති වුණේ කාලයක්‌ ගියාට පසුදැයි ඔහු ප්‍රශ්න කළේය.
මාදුළුවාවේ හිමියන්ට කරන ආදරයත් ගෞරවයත් සලකා මෙම අපවත්වීම පිළිබඳව සාක්‌කිකරුවකු වී රහස්‌ පොලිසියට පැමිණිලි කිරීම ඉතා වැදගත් යෑයිද හෙතෙම කී අතර ආදාහන පූජෝත්සවයට පෙර උඩුවේ ධම්මාලෝක හිමියන් මෙම ප්‍රකාශය කළා නම් දේහය ආදාහනය නොකර භූමිදානයක්‌ කර ඒ පිළිබඳව පරීක්‌ෂණය පැවැත්වීමට පොලිසියට හැකියාව තිබූ බව ඇමැතිවරයා සඳහන් කළේය. බලු පූස්‌ පැටව් වගේ අලි පැටව් අමතක වී දමා යන රටක උඩුවේ ධම්මාලෝක හිමියන් කළ මෙම ප්‍රකාශය පිළිබඳව රහස්‌ පොලිසිය පරීක්‌ෂණ ආරම්භ කිරීම වැදගත් යෑයි ඇමැතිවරයා තව දුරටත් පැවසිය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ද ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් සඳහන් කළේ උඩුවේ ධම්මාලෝක හිමියන් මෙම ප්‍රකාශය සිදු කරන්නේ උන්වහස්සේව නීතියේ රැහැනට හසු වූවාට පසුව බවයි. සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු සිදු කරන්නට පෙර කිසිඳු භික්ෂූණ්වහන්සේ නමක් මෙවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් ධම්මාලෝක හිමියන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙහිදී කියා සිටියා.

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය හමුව

වීඩියෝ මුලාශ්‍රය: හිරු රුපවාහිණි නාළිකාව

 

 

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top