සියළු කොටි රැඳවියන් නිදහස් කරගන්න සාකච්චා ඇරඹේ…

දැනට බන්ධනාගාරගතව සිටින එල්. ටී. ටී. ඊ. රැඳවියන් නිදහස්‌ කරගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී. එම්. ඒ. සුමන්තිරන් හා අධිකරණ ඇමැති විඡේදාස රාජපක්ෂඳ මහත්වරුන් අතර සාකච්ඡාවක්‌ ඉදිරි දින කීපය තුළ පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම හමුව පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබුණ ද නොවැළැක්‌විය හැකි හේතුවක්‌ නිසා එය මේ සතිය දක්‌වා කල් දැමූ බව සුමන්තිරන් මන්ත්‍රිවරයා ඒ පිළිබඳ ද්‍රවිඩ මාධ්‍ය වෙත අදහස්‌ දැක්වූවාය.
අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ සහ සුමන්තිරන් මන්ත්‍රීවරයා අතර හමුව ජුනි 2 වැනි දා හෝ 3 වැනිදා පැවැත්වීමට බොහෝ ඉඩකඩ ඇති බව සැලවෙයි.

පුද්ගලයන් 278 දෙනකු ත්‍රස්තවාදී චෝදනා යටතේ මෙලෙස රක්ෂි‌ත බන්ධනාගාරගත කර සිටින අතර දේශපාලන සිරකරුවන් වන ඔවුන් සියලු දෙනා නිදහස්‌ කරගැනීම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ බව ද සුමන්තිරන් මන්ත්‍රිවරයා තවදුරටත් පවසා තිබේ. එහෙත් ආරක්‌ෂක ආරංචි මාර්ග පවසන්නේ රැඳවියන් හිටපු කොටි ත්‍රස්‌තයන් බවත් ද්‍රවිඩ සන්ධානය ඔවුන්ව දේශපාලන සිරකරුවන් ලෙසට හඳුන්වා ඇති බවත්ය.

මෙම ද්‍රවිඩ රැඳවියන් 278 කගෙන් වැඩිදෙනකු බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ වූවන් යෑයි හෙළිවී ඇත. ගුවන් යානාවලට මිසයිල මගින් ප්‍රහාර එල්ල කිරීම, බිම්බෝම්බ ඇටවීම, නාවික යාත්‍රාවලට ප්‍රහාර එල්ල කර විනාශ කිරීම, ගම්වැසියන් ඝාතනය කිරීම, මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ට සහායවීම, හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කර සෙබළුන් ඝාතනය කිරීම සහ බස්‌ රථවලට බෝම්බ තබා සිවිල් වැසියන් ඝාතනය කිරීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබේ.

මොවුන් අත්අඩංගුවට ගෙන තිබුනේ ත්‍රස්‌ත මර්දන අංශය විසිනි.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top