ශ්‍රී ල නි ප පිහිටෙන් රනිල් දෙවතාවක් අගමැති වනා – සුසිල් ප්‍රේමජයන්ත

ජුනි 8වැනිදා පැවති ශ්‍රී ල නි ප මාධ්‍ය හමුවේදී ජාතික සංවිධායක එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සරණින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දෙවරක් අගමැති ධූරය හිමිවූ බවය.

2001 ට කලින් ශ්‍රී ල නි ප මහ ලේකම් ධුරයට එස්.බී දිසානායක සහ මෛත්‍රිපාල සිරිසේන මහතා අතර තරඟයක් තිබු බවත් ප්‍රේමජයන්ත මහතා එහිදී තමා ඡන්දය දුන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට බවත් 2001 වසරේදී එස්.බී දිසානායක මහතා ශ්‍රී ල නි ප යේ මහ ලේකම් ධූරයට පත්වූ බව පැවසුවාය.

ඉන් පසු එස්.බී දිසානායක මහතා මන්ත්‍රී 12ක් සමග එජාපයට ගොස් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට කටයුතු කළ බවත් 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්‍ෂයේ පොදු අපේක්ෂයා වූ බවත් එතුමා ජනාධිපති වූ නිසා රනිල් වික්‍රමසිංහ මහතා නැවත වාරයක් අගමැති වූ බවත් පැවසූ සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉන් අනතුරුව ප්‍රශ්න කලේ රනිල් වික්‍රමසිංහ මහතා ට තනිවම මැතිවරණයකට තරංග කර දිනීමට හැකිනම් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ ට විරුද්ධව තරඟ නොකළේ මන්දැයි ඇසුවාය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top