ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියාගේ චෝදනා වලට මුරලිදරන්ගෙන් ඍජු පිළිතුරක් (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කිසිම සොයා බැලීමක් හෝ පදනමක් නොමැතිව තමන්ට එල්ල කරන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව තාවකාලිකව දඟ පන්දු පුහුණු උපදේශක ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු කරන මුත්තයියා මුරලිදරන් පවසා ඇත.
තමාට අභියෝග කිරීමට පෙර වත්මන් ක්‍රිකට් සභාපතිවරයා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිදුකර ඇති දෙයක් ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙස අද (25) මහනුවරදී මාධ්‍ය අමතමින් තව දුරටත් පැවසිය.260716_Thilanga_Sumathipala

හෙට (26) පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත වොන් – මුරලි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයට පෙර දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලුදෙනාම පාහේ ඊයේ පස්වරුවේ මහනුවර දළදා මාලිගාව වෙත පැමිණි දළදා සමිඳුන් වැඳ පුදා අනතුරුව මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මුරලිදරන් ට චෝදනා කලාය.

වීඩියෝ:

මුරලිදරන්ගෙන් ඍජු පිළිතුරක්

තිලංග සුමතිපාල මහතා මුරලිදරන් ට කල චෝදනා

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top