ශ්‍රී ලංකාවේ කුරුඳු වලට ජාත්‍යන්තරය ජයගත හැකි මාර්ග

ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් අත්පත් කරගෙන ඇති ලංකාවේ කුරුඳුවලට තවදුරටත් ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රම පිළිබඳ සෙවීමේ අරමුණින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් දියත් කර ඇති විශේෂ වැඩසටහන් මාලවට සමගාමීව පළමු වැඩසටහන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (18) කොළඹ 7, කාර්මික තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම වැඩසටහනේ දී මූලික වශයෙන් අවධානය යොමු කරනු ලැබූයේ, කුරුඳුවල ඖෂධීය ගුණය සම්බන්ධයෙන් පර්යේෂණ හා සංවර්ධන කටයුතු පුළුල් කිරීම පිළිබඳවය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ කියා සිටියේ, කුරුඳු වල පවත්නා වටිනාකම් හඳුනාගනිමින්, එම ගුණාංගයන් නිෂ්පාදනයන් ලෙස එළිදක්වන අතර ම දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ කුරුඳු වගා කිරීම සම්බන්ධයෙන් වන උනන්දුව ඉහළ නැංවිය යුතු බවයි.

නව කුරුඳු තවාන් දහසක්

කුරුඳු සම්බන්ධ විවිධ නිෂ්පාදන බිහි කිරීමේ වැදත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ හරහා කුරුඳුවලට ඇති වන ඉහළ ඉල්ලූම සැපිරීමේ අරමුණින් ඉදිරියේ දී අලූතින් කුරුඳු තවාන් දහසක් (1000) ඇති කිරීමට ද පියවර ගෙන තිබේ.

මෙම තවාන් හරහා ලබා ගන්නා කුරුඳු පැළ කුඩා සහ මධ්‍ය පරිමාණ වැවිලිකරුවන් අතරේ ඛෙදා හැරීම අරමුණයි. මෙමගින් සුළු හා මධ්‍ය පරිමාණ වගා කරුවන්ගේ ආර්ථීකය ද ශක්තිමත් වන අතර දේශිය කුරුඳු වගාව ද ඉහළ වටිනාකමක් ඇති ව්‍යාපාරයක් බවට පත් කිරීමට හැකි වනු ඇති.

පර්යේෂණ කටයුතු වෙනුවෙන් සහාය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ කියා සිටියේ, මේ වන විටත් විවිධ පුද්ගලයින් හා ආයතන මැදිහත් වී විවිධ මට්ටමේ පර්යේෂණ සහ සිදු කළ හැකි නිෂ්පාදනයන් සම්බන්ධයෙන් සොයාගැනීම් සිදු කර තිබුණ ද ඒවා වාණිමය වටිනාකම් උපදවන මට්ටමට දියුණු වී නොමැති බවයි.

එසේම, ඉදිරියේ දී විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධ කර ගනිමින් මෙවැනි අංශයන්ගේ පර්යේෂණවල හා සංවර්ධන කටයුතු වල නියැලෙන සිසුන් හා පර්යේෂකයින් දිරිමත් කිරීමට ද අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, එවැනි පර්යේෂණ සඳහා අවශ්‍ය මුල්‍යමය හා වෙනත් සහායන් තම අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලබා දීමට අපේක්ෂා කරන බව ද එම පර්යේෂණ වල ප්‍රතිඵල ජාතික ආර්ථීකයට හා ජාතික නිෂ්පාදනයන් තුළට ප්‍රතිලාභ අත්කර ගත හැකි අයුරින් යෙදවීම සිදු කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

සෑම අවස්ථාවක දී ම රජයෙන් හෝ රාජ්‍ය අංශයෙන් විවිධ දේ ලැඛෙන තුරු සිටීම වෙනුවට, අවශ්‍ය අවස්ථාවන්හීදී සුදුසු පරිදි මෙවැනි කටයුතු වෙනුවෙන් පුද්ගලික අංශයේ සහාය ද ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව ඉදිරියේ දී මේ වෙනුවෙන්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී සිහිපත් කළේය.

එම පර්යේෂණ මගින් සොයා ගන්නා නවතාවන් හා සංවර්ධිත නිෂ්පාදනයන් ව්‍යාපාරිකයින්ගේ හා අයෝජකයින්ගේ සහාය ඇතිව ප්‍රචලිත කිරීමට ද අපේක්ෂා කරයි.

කුරුඳු වල වටිනාකම්

කුරුඳු යනු දේශීයව මෙන්ම විදෛ්ශීයව ද විශාල ඉල්ලූමක් ඇති බෝගයක් වේ. කුරුඳු භාවිත කරමින් විවිධ ඖෂධ නිපදවිය හැකිය. විශේෂයෙන්ම දියවැඩියාව හා මේදය වැනි රෝග න‍ල දී එම රෝග සඳහා අභියෝග කළ හැකි දෙයක් ලෙස කුරුඳු හඳුනාගෙන ඇත.

එසේම, ආහාර පිසීමේ දී රසකාරකයක් ලෙස ද භාවිත කරන කුරුඳු, ඒ සඳහා පමණක් සීමා නොකර කුරුඳුවලින් නිෂ්පාදිත විවිධ ආහාර නිපදවීම දක්වාම ප්‍රචලිත කළ යුතු වේ. කුරුඳු භාවිත කරමින් නිෂ්පාදනය කරන කුරුඳු තේ සඳහා ද අද වන විට ජාත්‍යන්තර වශයෙන් ඇත්තේ ඉහළ ඉල්ලූමකි.

මෙම ඉල්ලූම, මෙරට සංචාරය කරන විදේශීය සංචාරකයින් අතරේ කුරුඳු ප්‍රචලිත කරමින් වැඩි ලාභයක් ලබා ගැනීමට පිටුවහළක් වනු ඇති. සංචාරකයින් ඉලක්ක කර ගනිමින් කුරුඳු ා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි කිරීමේ මධ්‍යස්ථාන බිහි කිරීම කෙරෙහි ද ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

එසේම, කුරුඳු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි අනන්‍යතාවක් නිර්මාණය කිරීමට හැකියාවක් පවතින බව ද එම අනන්‍යතාව හේතුවෙන් ම ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ ආකාර්ශනයක් ඇති කර ගැනීමට ද හැකියාව තිබේ.

අගය එකතු කිරීම

එසේම, සාම්ප්‍රදායිකව සිදු කළ අයුරින් සීමිත නිෂ්පාදන ලෙස හෝ අගය එකතු නොකළ කුරුඳු ලෙස අපනයනය කළ කුරුඳු, ඉදිරියේ දී අගය එකතු කරමින් නවතාවකින් යුතුව අපනයනය කිරීම කෙරෙහි මෙම වැඩමුළුවේ දී අවධානය යොමු කළේය. එහිදී අදහස් දැක්වූ දයා ගමගේ කියා සිටියේ, ව්‍යාපාරිකයකු ලෙස දශක තුනක් පමණ තමා ලබා ගත් අත්දැකීම්, මෙම අමාත්‍යාංශය ආශ්‍රිත කටයුතු සංවර්ධනය කිරීම කෙරෙහි භාවිත කිරීමට පියවර ගන්නා බවයි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු බන්දුල වික්‍රමාරච්චි, රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සම්මානිත මහාචාර්ය කේ.ඩී.එන්. විෙජ්සිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උපාලි සමරජීව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය රනිල් ද සිල්වා සහ කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරල් ආචාර්ය සුනිමල් ප්‍රේමකුමාර යන මහත්වරුන් ඇතුළු විද්වතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top