වෛරය සංසිඳවා ගන්න ජාතික ආරක්ෂාව අනතුරේ දමන්න එපා – හිටපු ජනාධිපති

හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (04) දිවා ආහාර විවේකයෙන් පසු පාර්ලිමේන්තුව අමතනු ලැබුවාය. එහිදී එතුමා ප්‍රකාශ කලේ තමා‍ගේ හෝ තමාගේ ආණ්ඩුවට එරෙහිව තිබෙන වෛරය පිරිමසා ගැනීමට හෝ පටු දේශපාලන කාරණා හේතුවෙන් රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ දැමිය යුතු නැති බවය.

තව දුරටත් හිටපු ජානාධිපතිතුමා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ මේ වන විට යුද්ධයට හමුදාමය නායකත්වය දුන් පුද්ගලයන් ගණනාවක්ම මේ වන වි‍ට විවිධ පොලිස් මූල්‍ය විමර්ශන ඒකක හෝ දූෂණ වංචා සෙවීමේ කොමිෂම් ඉදිරියට දිනපතාම කැඳවන බවත් එසේ කරනුයේ අදාළ පුද්ගලයන් යුද්ධයට නායකත්වය දීමෙන් අත්කරගත් කීර්ති නාමය විනාශ කිරීමට යැයි තමාට සිතෙන බවත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටින බවත් එතුමා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරී පත් වීමෙන් පසු පළමු වරට අද දිනයේ පාර්ලිමේන්තුව ඇමතුවේ අයවැය කාරක සභා අවස්ථාවට එක්වෙමින්ය. හිටපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇමතුවා අවස්ථාවේ ඒකාබද්ද විපජෂයේ මන්ත‍්‍රිවරුන් බොහෝ දෙනෙකු මැති සභයේ වූවත් පසුගිය මැතිවණයේදී රාජපක්‍ෂ මහතා සමඟ එකම වේදිකාවේ ඡුන්දය ඉල්ලා අද වික්‍රමසිංහ ආණ්ඩුව නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරු පැමිණ සිටියේ නැත. එහෙත් එජාප මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙකු සිටියද ඔවුන් රාජපක්‍ෂ මහතාගේ කතාවට බාධා කලේ නැත.

මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කරන ලද සම්පූර්ණ කතාව පහතින් දැක්වෙනවා.

MR_Resized-1 MR_Resized-2 MR_Resized-3 MR_Resized-4

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top