විශේෂ පක්ෂ නායක රැස්වීමේදී රතන හිමිට මළ පනී

කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(22) පෙ.ව. 11.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනා විවාදයට ගැනීම සම්බන්ධයෙන්ද පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමූ කිරිමට බලාපොරොත්තු වන බව එතුමා මාධ්‍යට ප්‍රකාශ කලාය.

මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම කථානායකවරයා විසින් කැඳවා ඇත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනයේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු විවාදය හෙට සහ අනිද්දා යන දෙදින පස්වරු 2.00 සිට පස්වරු 7.30 දක්වා කල් තැබීම පිළිබඳව අවසන් තීරණයක්‌ ගැනීම සඳහාය.
ලැබෙන ආරංචි අනුව රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.
මෙම රැස්වීමට සහභාගී වූ නිමල් සිරිපාලද සිල්වා, ජෝන් සෙනෙවිරත්න හා අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කර ඇත්තේ කල් තැබීමේ විවාදයක් අනවශ්‍යය බවය. එම අදහසට විරෝධය දක්වා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ කල් තැබීමේ විවාදයක් අවශ්‍ය බව ය.
එවිට කථානායකවරයා එක් දිනක විවාදයක් පැවැත්වීමට යෝජනා කර ඇති අතර ඊට ද විරුද්ධ වෙමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ දෙදින විවාදයක් අවශ්‍ය බව ය.

එහිදී රැස්වීම දැඩි උණුසුම් ස්‌වභාවයක්‌ ගෙන ඇති අතර කෝපාවිෂ්ඨ ඇති ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ශබ්ද නගා විරෝධය පළකර රැස්‌වීමෙන් පිට වී ඇති අතර උන්වහන්සේගේ අදහසට අනුව දැඩි විරෝධයට හේතු වී ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂය 20 වැනි සංශෝධනය කඩාකප්පල් කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරමින් මෙතෙක්‌ පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකරමින් 20 වැනි සංශෝධනයේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධව තීරණය කර ඇති නිසාය.

 

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top