විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට සැරසෙයි

නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකා දෙක සඳහා අනුමැතිය ලැබී ඇත.

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමයක් සැකසීම සඳහා වූ ක්‍රියාවලිය අගමැතිවරයා ප්‍රමුඛ කමිටුවක් මගින් සිදුකිරීමට යෝජනා කර ඇති අතර එම කමිටුව සඳහා නම් ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා එහිදී අගමැතිවරයාට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳව කැබිනට් පත්‍රිකා දෙකක් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 17වැනිදා පැවති උත්සවයකදී සඳහන් කළේය.
මේ පිළිබඳව තම අදහස් ප්‍රකාශ කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී පැවසුයේ විධායක ජනාධිපති ධූරයේ බලතල අහෝසි වීම සිදුවන්නේ ‍වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන්වීමත් සමග බවයි . ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම නිල කාලය අවසන් වනතුරු එම බලතල දැරීමට හැකියාව ලැබේ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ධූරයේ සිටින ජනාධිපතිවරයෙක් තමන්ගේ බලතල මෙසේ කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් පැහැදිලි කලේය.

ඒ අනූව විධායක ජනාධිපතිධූරයේ බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මීට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද ඒ මහතා පැවසීය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top