ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් බෙදුම්වාදීන්ගෙ උවමනාව ඉටුකරයි – වෛද්‍ය වසන්ත බණ්ඩාර(වීඩියෝ)

‘‘මේ රජය බලයට පත්වූ දා පටන් කළේ කොළය වහල ගැහීමක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ජනතාවට පෙන්නුවෙ වෙන අයවැයක් බවත්,  සම්මත කළේ වෙනත් අය වැයක් බවත්, සීපා ගිවිසුම අත්සන් නොකරන බවට පොරොන්දු වී  ඒදේම කරන එක්ටා ගිවිසුම  ගෙන ඇති බව ඊට ඇති හොදම නිදසුන් බව වසන්ත බණ්ඩාර මහතා පෙන්වාදෙයි.

ඊයේ (05) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සදහන්කර සිටියේ ඉන්දියාවෙ ඉදල ලංකාවට පාලමක් හදන් නෑ කී නමුත් ඉන්දියාව  ඒ සදහා සියලු කටයුතු සූදනම් කර ඇති බව පවසන බවයි. ව්‍යවස්ථා සම්පාදනය කරන්න පත් කළ කමිටුවේ ඉන්නෙ හකීම, ස්වාමි නාදන්, රාජිත වැනි බෙදුම්වාදී න්බව පවසන හෙතෙම ,නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රැගෙන ආ යුත්තෙ තේරීම් කාරක සභාවක් හරහා බව පෙන්වාදෙයි. එවිට රජයේ යෝජනා පළමුව ප‍්‍රකාශ කළ යුතු බවත්, එසේ රජයේ යෝජනා මුලින්ම කිව්වොත් ආණ්ඩුව දෙමළ සන්ධානය සමග ගහපු ගිවිසුම් හෙළිවන බැවින් එසේ නොකරන බවද වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කර සිටී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී සැබෑ විපක්ෂයට කතා කිරීමට නොදෙන බවද  වැඩිදුරටත් සදහන්කර සිටියේය.

 

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top