රාජපක්‍ෂ පිළට දඩුවම් තෝම්බු දමා සිරිසේනට ලැබෙන බූමරැංගුව

මේවන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් තුනක් ඉස්මතුවෙමින් පවතියි. පක්‍ෂයේ අභ්‍යන්තර තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ මහතාට සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට මැදින් සිටින මධ්‍යස්ථ මතධාරී ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා වටා ගොනුව සිටිමින් තනතුරු ලබාගත් පිරිස අතර මේ වන විට මතවාදී අරගලයක් හටගෙන ඇත.

ජනාධිපති සිරිසේනට හිතවත්, නිලතල ලැබීමෙන් පසු පක්‍ෂයේ චන්ඩියා ලෙස හැසිරෙන ලේකම් දුමින්ද දිසානායක ඇතුළු පිරිසේ දැඩි මතය වී ඇත්තේ 17 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ ජනරැළියට සහභාගීවූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමය. නමුත් ඇමතිකම් කිහිපයක් ලබාගෙන නිහඬව සිටින ජ්‍යෙෂ්ඨ ඇමතිවරුවන් එම ක්‍රියාමාර්ගයට දැඩිසේ විරෝධය දක්වන අතර එසේ ක්‍රියා කළහොත් ශ්‍රීලනිපය සම්පුර්ණයෙන්ම විනාශවී නාමපුරුවක් පමණකට සීමාවනු ඇතිබවට තදින්ම පෙන්වා දී ඇත.

හයිඩ් පිටියේ ඒකාබද්ධ විපක්ෂයේ ජනරැළියේ සාර්ථකත්වය සහ එජප යේ රැස්වීමේ අසාර්ථකත්වය පිළිබඳව බුද්ධි අංශයේ වාර්ථාව ලද පසු සිරිසේන ජනාධිපතිවරයා අධික කේන්තියෙන් පසුවන බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් සියළු වරප්‍රසාද අත්හිටුවන ලෙසත් එතුමා සම්බන්‍ධ සියළු පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙසත් ජනපති සිරිසේන නිලධාරීන්ට ඍජුව උපදෙස් ලබාදී ඇති බව අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රීලනිපය කඩා වෙන පක්‍ෂයක් සැදුවොත් තමන්ගෙන් මහින්දට කිසිදු ගැලවීමක් නැති බවත් මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව තමා සතු බලය යොදවා සියළු තෝම්බුවන් අදින බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනකදී ශ‍්‍රීලනිප පළාත් සභා මන්ත‍්‍රීවරුනගේ හමුව අමතමින් තර්ජනාත්මක ස්වරයෙන් පැවසූ බව එම රැස්වීමට සහභාගී වූ පළාත් සභා මන්ත්‍රීවරයෙක් අද ලක්දෙරණට පැවසිය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top