රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට ජනපති සිරිසේන විරුද්ධයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කිරීමට තමා කිසිඳු ඉඩක් නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 27 වැනිදා රාත්‍රී සිය නිවසේදී සන්ධාන නායකයින් හමුවූ අවස්ථාවේදී දැඩි ලෙස අවධාරණය කර ඇති බව ජනපති නිවසේ විශ්වාසදායක ආරංචි අද ලක්දෙරණට පැවසිය.
ශ්‍රීලනිප ජේෂ්ඨයින් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර වැනි සන්ධාන නායකයින් කිහිප දෙනෙකුම මෙම සාකච්ජාවට සහභාගී ඇත.

20 වන සංශෝධනයට සහය දෙනවා ද ? විශ්වාස භංගයට සහය දෙනවද යන දෙකින් එකක් තෝරා ගන්න ලෙස සන්ධාන නායකයින්ට ඍජුව පවසා ඇති ජනාධිපතිවරයා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු සහයක් ලබා නොදෙන බවද එම පක්ෂයේ නායකයා තමා බව අමතක නොකරන ලෙස කණ්ඩායමට අවධාරණය කර ඇත.

එහෙත් 28 වනදා නාරාහෙන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවකදී “මහින්ද කණ්ඩායමේ” දැඩි පාක්ෂිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගම‍ගේ මහතා කියා සිටියේ, වත්මන් රජයට හා අගමැතිවරයාට එරෙහිව ලබන 8 වැනිදා විශ්වාසභංගයක් ගෙන එන බවය.

එහෙත් මහින්ද කණ්ඩායමේ ප්‍රකාශයට ක්‍ෂණික පිළිතුරක් දෙමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායක කාර්යාලයයේ එදිනම පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළීමට විපක්ෂයට අශ්ව කුලප්පුවක් නැතැ බවය. ආණ්ඩුවක් පෙරලීම දේශපාලනයට අනුව හදිසියේම කළ නොහැකි දෙයක් බවත් එය පියවරෙන් පියවර කළ යුතු දෙයක් බව ඔහු පැවසීය.

“රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව දෝෂාභියෝගය අත්සන් කරලා තියෙන්නේ. ලබන 7 වැනිදා කළුතර ඉඳලා කොළඹට පෙළපාළියකින් ගිහින් 8 වැනිදා දෝෂාභියෝගය බාර දෙනවා” යැයි හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා බණ්ඩාරගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොට්ඨාස නායකයින් හමුවීමකදී කීවේය.
“මෛත්‍රිපාල මහතාගේ ඔළුවේ තියෙන්නේ ජාතික ආණ්ඩුවයි. රනිල්ගේ අගමැතිකම පමණයි. එයා කථා කරන්නේ වෙනම දෙයක්. මම ඔය හැම සාකච්ඡාවකටම මුලින්ම ආව මිනිහෙක්. දහයක් හමුවුණොත් දහ විදියක්. ඒකට හොඳම උදාහරණය තමයි මුලින්ම සාකච්ඡාවට ගියේ මමයි, ටී.බී.ඒකනායකයි. සාකච්ඡාව ඉවරවෙලා ටී.බී ගෙදර යනකොට එයාව මධ්‍යම කාරක සභාවෙන් අයින් කරලා”යැයි වෙල්ගම මහතා තවදුරටත් කීවාය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top