රනිල්ට එරෙහි විශ්වාසභංගය තීරණාත්මකයි- ඩලස්

ඊයේ (22)නාරාහේන්පිට අභයාරාමයේ මාධ්‍ය හමුවක් පවත්වමින් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට අවශ්‍ය මූලික කටයුතු සූදානමින් පවතින බවත් ඊයේ දිනයේ ආරම්භ වූ විශ්වාසභංගයට සවස 6 පමණ විට දී අත්සන් 60ක් පමණ ලැබුණු බව පැවසිය. මෙම මාධ්‍ය හමුවට කුමාර වෙල්ගම සහ මනූෂ නානයක්කාර යන මන්ත්‍රීවරු එක්ව සිටියහ.
තවදුරටත් අදහස් දක්වමින් අලහප්පෙරුම මහතා කියා සිටියේ මීට ඉහතදී අවස්ථා දෙකකදී ගෙන ආ විශ්වාසභංග යෝජනා පරාජයට පත්වුණා වුවද මෙවර එය ඉතිහාසයේ තීරණාත්මක සිදුවීමක් වනු ඇති බවය. රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන්ද කිහිපදෙනෙකු ද අත්සන් තබා ඇති විස්වාසභංගට ඉදිරි සතිය තුළ ප්‍රමාණවත් පරිදි අත්සන් ලැබුණු පසු එය කථානායකවරයාට ලබාදෙන බව කීවාය.

මීට පළාත් සභා හා පළාත්පාලන යන විෂයන් එකම අමාත්‍යංශයකට අයත්වූ බවත්,මෙම රජය යටතේ එය දෙකඩ කර පළාත්පාලන විෂය එජාප අමාත්‍යවරයෙකුටත්,පළාත් සභා විෂය ශ්‍රීලනිප අමාත්‍යවරයෙකුටත් ලබාදී ඇත්තේ ශ්‍රීලනිපයේ පිටකොන්ද කැඩීමට බවට ඔහු චෝදනා කළේය.

1951 සිට එජාපය හා ශ්‍රීලනිපය අතර පැවතියේ හා පැවතිය යුතු වූයේ අලියා සහ හෙණ්ඩුව අතර වැනි සම්බන්ධයක් වුවද,මේවන විට ජාතික ආණ්ඩුව තුළින් එකී සම්බන්ධය අලියා සහ දිවුල්ගෙඩිය අතර සම්බන්ධයක් බවට පත්ව ඇති බවත් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top