රජයේ බෞද්ධ විරෝධි පනතට එරෙහිව පිවිතුරු හෙළ උරුමය නඩු මගට

අද 18 කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආණ්ඩුව විසින් ගෙන ඒමට යන්නේ බුදුන් වහන්සේ ජීවමානව සිටි‍යේ නම් උන්වහන්සේටද සිරබත් කෑමට සිද්ධකරන පනතක් බවත්, ඒ අනුව බුදුන් වහන්සේටද ආරාමයේ නොව සිරගෙදර වැඩ වාසය කරන්නට සිදුවන තත්ත්වයක් ඇතිවන බවද භික්ෂු විනය නමැති සළුව අන්දවා භික්ෂූන් වහන්සේ දේශපාලනයට ප්‍රවේශවීම වැළැක්වීමට නව පනත මගින් ආණ්ඩුව සූක්ෂමව ක්‍රියාකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසිය.
බුදු රජාණන් වහන්සේද එකල දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ වුණු බවත්, රජ වරුන්‍ට උපදෙස් දීමෙන්, ඇතැම් රාජ්‍යයන්ගේ ගැටුම් සඳහා මැදිහත්වෙමින් උන්වහන්සේ දේශපාලනය කළ බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

තායිලන්තයේ 95% ක් පමණ බෞද්ධයින් ජීවත්වන බවත්, එහෙත් එය ආසියාවේ ගණිකා මඩම බවට පත්ව ඇති බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ඒ ආකාරයෙන්ම මෙවන් පනත් ගෙන ඒම මගින් ශ්‍රී ලංකාවද ආසියාවේ ගණිකා මඩම බවට හෝ ආසියාවේ තැබෑරුම බවට පත්වන බව ඔහු අවධාරණය කළේය.

‘ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත’නමින් මෙම පනත නම්කර ඇති බවත්, එබැවින් එය අදාළ වන්නේ ථේරවාදී භික්ෂුන්ට පමණක් බැවින් ථේරවාදී භික්ෂුන් මහායාන භික්ෂුන් බවට පත්කිරීමට මෙමගින් උනන්දුකරවීමක් දක්නට ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

භික්ෂු සමාජය යනු විශාල සංවිධානයක් බවත්, ඒ නිසාම යම් භික්ෂුවක් විනය විරෝධී ලෙස හැසිරෙන්නේනම් එම භික්ෂුව සංඝ ශාසනයෙන් නෙරපා හැරීමේ වගකීම පවතින්නේ භික්ෂුන්ටම මිසක් අන් අයට නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් භික්ෂුන් අරබයා ගෙන ඒමට සූදානම් කර ඇති පනතින් මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝණය වන බැවින් ඊට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇති බවත්, එය නුදුරු සතියේදී විභාග කිරීම ආරම්භ කෙරෙනු ඇති බවත් ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා, පක්ෂයේ අනුශාෂක ශාස්ත්‍රපති පුජ්‍ය වේපත්හැර හේමාලෝක හිමියන් පක්ෂයේ ශාසනික කටයුතු ලේකම් පූජ්‍ය බියගම සුසීල හිමියන්, සහ ජ්‍යත්‍යන්තර කටයුතු ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා එක්වි සිටියාය.

රජය විසින් ගෙන එන ථේරවාදී භික්ෂු කතිකාවත ලියාපදිංචි කිරීමේ පනතට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් ගොනු කල පෙත්සම

TheravadaBill_1 TheravadaBill_2 TheravadaBill_3

 

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top