රජයේ අනුදැනුම මත ජාතික බුද්ධි සේවයෙන් විශේෂ ක්‍රියාන්විතයක්.

ජාතික බුද්ධි සේවය විසින් මහනුවර සිට කොළඹ දක්වා ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධානය කරනු ලබන පාද යාත‍්‍රාව සමගින් රට තුල පළමුවන වරට දැවැන්ත නව බුද්ධි ක‍්‍රියාන්විතයක් අරඹා ඇති බව වාර්තා වේ.

මෙම ක්‍රියාන්විතයට රජයේ ඉහළම නායකයින් කිහිප දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් මගින් අදාළ නියමයන් පනවා ඇත. මෙම කමිටුවට විදේශ උපදේශකයින් කිහිපදෙනෙකුගේ සහය ලබෙන අතර ඔවුන් බුද්ධිමය කටයුතු පිළිබඳ විශේෂඥයින්ය.
අදාළ කටයුතු සදහා ජාතික බුද්ධි ඒකකයේ ප‍්‍රධානීන් කිහිප දෙනෙකු යටතේ පළාත් හා දිස්ත‍්‍රික් මට්ටමෙන් විශේෂයෙන් සොයාබලා තෝරාගත් නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇතැයි මෙම නව ක්‍රියාන්විතයට සම්බන්ධිත ආරංචි මාර්ගයක් පවසයි.

අප විසින් නිර්නාමිකත්වය සහතික කිරීම මත එම ආරංචි මාර්ගය සඳහන් කලේ එම ක්‍රියාන්විතයේ ප්‍රථම මෙහෙයුම ලෙස පාගමනට සහභාගී වන සියලූ දෙනාම ඇතුළත් වන ආකාරයට විවිධ ස්ථානයන්හිදී සම්පුර්ණ පා ගමන වීඩියෝ ගත කරන අතර චායාරුපද ගැනෙනු ඇත. එහිදී පාගමනට සහභාගී වන පිරිස් ප්‍රමාණය කොපමණ වුවත් ඒ සියලූ දෙනාගේම තොරතුරු පසුව වෙන වෙනම එක්රැස් කෙරෙනු ඇත. ඒ සඳහා මුහුණු හඳුනා ගැනීමේ පරිඝනක තාක්ෂණය භාවිතා කර ඉන් පසු එක් එක් පුද්ගලයා පිළිබඳව අදාළ තොරතුරු වෙන වෙනම රැස්කර විශ්ලේෂණය කරනු ඇත. අදාළ චායරුප සහ වීඩියෝ කිරීම් කරනුයේ ජාතික බුද්ධි ඒකකයට අයත් නිල ඡායාරූප හා වීඩියෝ ශිල්පීන් විසිනි. මිට අමතරව පුද්ගලික අංශයේ රූපවාහිනි සහ මුද්‍රිත මාධ්‍ය ආයතන ගණනාවකම තෝරාගත් මාධ්‍ය කණ්ඩායම් කිහිපයකගේ සහය ලබාගැනීමට බුද්ධි අංශය උත්සහ දරමින් සිටින බවට වාර්තාවේ.

මෙම අදියරය අවසන් වූ පසු අදාළ පුද්ගලයාගේ පෞද්ගලික තොරතුරු වලට අමතරව ඔවුන්ගේ දරුවන් ඇතුළු පවුලේ සමීපතමයන්ගේ දත්ත ඇතුළත් පරිගණක දත්ත ගොණුවක් සකසනු ලැබේ. එම තොරතුරු ගොනුවට අදාළ පුද්ගලයන්ගේ ව්‍යාපාරික හා ඉඩම් හිමිකම්, රැකියා ආදායම් මාර්ග පිළිබදව ද, අදායම් බදු/වරිපනම් ගෙවා ඇති ආකාරය, පුද්ගලික මිත්‍ර සම්භන්ධතා ඇතුළු විවිධ තොරතුරු රැසක් මෙන්ම, විශේෂයෙන්ම තාවකාලික බලපත‍්‍ර යටතේ ඇති ඉඩම් ඇතුළු ඔවුන් සතු ඉඩකඩම් පිළිබදව ද අනවසර පදිංචිකරුවන් හා රජය මගින් ප‍්‍රදානය කර ඇති ඉඩම් පිළිබදව ද තොරතුරු රැස්කරන ලෙසට විශේෂයෙන් නියෝග කර ඇත.

සියළු කටයතු මෙහෙයවීම ජාතික බුද්ධි ඒකකය යටතේ ක්‍රියාත්මක වන අතර අවශ්‍ය අමතර සහය පළාත් සහ දිස්ත‍්‍රික් මට්ටමෙන් විශේෂ පොලිස් සහ ආරක්ෂක හමුදා සාමාජිකයන් හරහා මෙහෙයවනු ඇත. මේ සඳහා අවශ්‍ය බාහිර කණ්ඩායමක් දැනටමත් තෝරාගෙන ඇති බවත් මින් ඉදිරියට රට තුල සිදුවන සියළු ප්‍රසිද්ධ රැස්වීම වලදී මෙම ක්‍රියාන්විතය දියත් කෙරෙනු ඇත.

මෙම ක්‍රියාන්විතය විරුද්ධවාදීන්ට අවියක් වියහැකි බැවින් එහි රහස්‍යතාවය දැඩි ලෙස ආරක්ෂා කල යුතු බව රජයේ ඉහළම නායකයින් රාජ්‍ය බුද්ධි අංශයේ අදාළ නිලධාරීන්ට දැඩි ලෙස අවධාරණය කර ඇති බව එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පැවසුවාය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top