යෝෂිත රාජපක්ෂ ඇතුළු 5ක් අත්අඩංගුවට (වීඩියෝ)

අද උදෑසන 9.30 ට යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සඳහා නාවික හමුදා මූලස්ථානයට කැඳවා තිබුනු අතර ඒ වන විටත් පැමිණ සිටි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සී.එස්.එන්. නාලිකාවේ සිදුවූවේ යැයි කියනු ලබන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් එහිදී ප්‍රශ්න කර ඇත.

ඊට සමගාමිව එම සිද්ධිය සඳහාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට, සි එස් එන් නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග, ජේ.ටී.එස්.ප්‍ර‍නාන්දු හා කවීෂාන් දිසානායක යන පුද්ගලයන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා ඇත.

ඉන්පසු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨසය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ CSN රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂවරුන් වන නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, යන මහත්වරුන්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඉන්පසු කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා යෝෂිත ඇතුළු සිව්දෙනා පෙබ. 11 වනදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටනියෝග කළේ ය.‍

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මුදල් විශූද්ධිකරණ පනත යටතේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ විමර්ශනවලට අනුව CSN ක්‍රීඩා නාලිකාව යොදාගෙන රජයේ දේපළ වංචා කිරීම ඇතුළු චෝදනා රැසක් මත අද දින (30) ඔවුන් අත්අඩංගුවට ගත් බව ය.

අත්අඩංගුවට ගන්නා ආරංචිය ලද විගසම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරු සහ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කඩුවෙල අධිකරණ භූමිය වෙත පැමිණ ඇත.

මෙම සිද්ධිය හේතුවෙන් අධිකරණ භූමියට විශාල පිරිසක් පැමිණ අධිකරණ භූමියෙන් පිටත රැඳී සිටි අතර බන්ධනාගාර බසයක් ද අධිකරණ භූමියේ පසෙක නවතා තිබුණාය. මුලින්ම යෝෂිත රාජපක්ෂව අධිකරණයට වෑන් රථයකින් රැගෙන ආ අතර අනෙක් පිරිස බසයකින් රැගෙන එන ලදී.

යෝෂිත රාජපක්ෂව අධිකරණයට රැගෙන එන දර්ශන නරඹන්න.

මුලාශ්‍රය: දෙරණ නාලිකාව

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top