“මෛත්‍රී ජනපති වුනත්, ශ්‍රීලනිපයේ නායකත්වය මහින්දට දිය යුතුයි” – කුමාර වෙල්ගම

හිටපු ඇමති කුමාර් වෙල්ගම පවසන්නේ ජනමතයෙන් පත් වු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමට සුදානම් වුවත් රටේ ජනතාව හිටපු ජනපතිවරයා සමඟ සිටින බැවින් ඉදිරි මැතිවරණයේ දී රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පක්ෂය භාර දිය යුතු බව පවසයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි ඉල්ලා සිටින්නේ, දැන් මේකේ නායකත්වය ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්තයට දිය යුතුයි. ජනාධිපතිවරයා හැටියට මෛත්‍රිපාල සිරිසේන මහත්තයව පිළිගන්න ඕනෙ. මහජන මතයෙන් ආවේ. නමුත් මේ ඡන්දෙදි මිනිස්සු ඉන්නේ මහින්ද මහත්තයත් එක්ක. මහජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒකයි. අපි යන්න ඕන මහජනතාවත් එක්කනේ.” කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය.

“මම ඉතින් කොහොමත් කැමතියි නෙ. ජනවාරි අට හවුල් ආණ්ඩුවට විරුද්ධව දොට්ට බැස්ස පළවෙනි මිනිහ මම. එදා ඉඳන් අද වෙන තුරු මම ඉන්නේ ඒ මතයේ තමයි.” ඔහු පැවසීය.

එම ඉල්ලීමට පක්ෂ නායකත්වයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් තමාට ද පැහැදිලිවම තීරණයක් ගැනීමට සිදු වන බව හිටපු ඇමති වෙල්ගම මහතා පවසයි. නව ව්‍යවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් වෙල්ගම මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති සංශෝධනයන්ට එකඟ නොවේ නම් තම පාර්ශවයේ සිටින මන්ත්‍රීවරුන් පනස් දෙනෙකු ඊට සහයෝගය නොදක්වන බවය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top