මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බවට අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරමින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බවට ප්‍රකාශ කර එම කොට්ඨාසය සහ එය පිහිටවූ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසය.
පොලිස් ආඥා පනතට සහ පවතින නීතියට පටහැනිව එම කොට්ඨාසය පිහිටුවා ඇති බැවින් එම කොට්ඨාසයේ නිලධාරීන් කරන විමර්ශන වල නීතිමය වලංගුභාවයක් නැති බව එම පෙත්සමේ සදහන් වී ඇත. තවද ගුණවංශ හිමියන් සන ෆොන්සේකා මහතා අධිකරණයට කියා සිටින්නේ අගමැතිවරයා ගේ අනුමැතියට යටත්ව පත්කළ කැබිනට් අනු කමිටුවක් හමුවේ කරන විශේෂ පැමිණිලි විමර්ශනය කිරීම සදහා මෙම විශේෂ පොලිස් ඒකකය ස්ථාපිත කර ඇති බවත්, අගමැති යටතේ කැබිනට් අනුකමිටුව එම පොලිස් ඒකකයේ නියෝජ්ය පොලිස්පතිවරයාට දෙනු ලබන නියෝග අනුව විමර්ශන සිදුකිරීම පවතින නීතියට සම්පූර්ණයෙන්ම පටහැනිව බවය.

පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පොලොස් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයෙක් වන අතර පොලිස්පතිතුමා මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත.

RomeshDeSilvaමෙම පෙත්සමට අමතරව බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා මෙම “මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය” පිලිබඳව ඔවුන්ගේ අදහස් දක්වා ඇත.ManoharaDeSilva
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පවසන්නේ ” මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය” හෙවත් FCID ය රටේ නීතියට පටහැනිව අගමැතිවරයා විසින් දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම සඳහාම පිහිටුවා ඇති සහමුලින්ම නීති විරෝධී ‍පොලිසියක් බවය. 1978 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ‘ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසම’ පිහිටුවන ලද්දේ ‍පොලිසිය හරහා එවැනි කටයුතු කරගත නොහැකි බව ඔහු වටහාගත් නිසා බවද ජනාධිපති නීතිඥවරයා තවදුරටත් කියා සිටියේය.

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාගේ අදහස වන්නේ ශ්‍රී ලංකා ‍පොලිසියට ‍පොලිස් ආඥාපනත යටතේ සිදුකළ හැක්කේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ හෝ වෙනත් බලාත්මක නීති පද්ධතියක් යටතේ හෝ වරදක් සේ ගැනෙන යම් සිද්ධියක් හෝ කරුණක් හෝ ක්‍රියාවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා නඩු පැවරීම පමණක් බවත් ඊට පරිබාහිර කිසිදු කරුණක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ‍පොලිස්පතිවරයාට හෝ කුමන ‍පොලිස් ඒකකයකට හෝ නොහැකි බවත් එබැවින් මෙම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීති විරෝධී ‍පොලිසියක් හෙවත් “හොරා ‍පොලිස් ඒකකයක්” බවය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top