මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තහනම් පෙත්සම උසාවියේ

රජය මගින් මෑතකදී පිහිටුවා ගත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ කලා ශිල්පී රොහාන් වැලිවිට මහතා විසින් අභියාචනාධිකරණයට ගොනුකර ඇති පෙත්සම අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා සහ විනිසුරු එච්.සී.ජේ. මඩවල මහත්මිය විභාගයට ගැනිණි.
පෙත්සම්කරුවන් තිදෙනා ඔවුන්ගේ පැමිණිල්ලෙන් පවසා ඇත්තේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනට් අනුකමිටුවක් මගින් පාලනය වන ආයතනයක් බැවින් එම කොට්ඨාශය මගින් සිදුකරන පරීක්ෂණ ස්වාධීන භාවයෙන් තොර බවය. ඒ හෙයින් අදාල පරීක්ෂණ කොට්ඨාශය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අවලංගු කරන්නැයි කියා කලා ශිල්පී රොහාන් වැලිවිට මහතා ගොනු කර තිබූ පෙත්සමද අභියාචනාධිකරණය හමුවේදී කැඳවන ලදී. වැලිවිට මහතා කියා සිටින්නේ නීති විරෝධීව පිහිටුවා ඇති මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට දෙවතාවක්‌ කැඳවා තමාගෙන් ප්‍රකාශයක්‌ ලබා ගත් බවයි. ඔහු සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණවල විස්‌තර ඇතුළත් ‘බී’ වාර්තාවක්‌ එම පොලිස්‌ ඒකකය මගින් කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ගොනුකර ඇති බව වැලිවිට මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත. ජනාධිපති නීතිඥ ඉහළහේවා මහතා වැලිවිට මහතා වෙනුවෙන්ද පෙනී සිටියේය.

අධිකරණය වෙත කරුණු දක්වමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා කියා සිටියේ, මූල්‍ය අපරාධ කොට්ඨාසය නීතියට අනුකූල නොවන ලෙස පිහිටුවා ඇති බව ය. මූල්‍ය අපරාධ පිළිබඳව රටේ පවතින විවිධ පනත් මගින් පරීක්ෂණ පැවැත්වීමට සහ කටයුතු කිරීමට හැකි බව ත් එසේ තිබියදී නීතියෙන් බැහැරව වෙනම විශේෂ ඒකකයක් පිහිටුවීම නීතියට අනුකූල නොවන බව ත් ඔහු පෙන්වා දුන්නේ ය. ඔහු සඳහන් කළේ පොලිස්‌ ආඥ පනතේ 55 වෙනි වගන්තිය යටතේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයක්‌ පිහිටුවීමට පොලිස්‌පතිට බලයක්‌ නැති බවත් එම වගන්තිය යටතේ නීති පැනවිය හැක්‌කේ පොලිසියේ අභ්‍යන්තර කටයුතුවලට හා පොලිස්‌ නිලධාරීන්ගේ පරිපාලන කටයුතුවලට අදාළව පමණක්‌ බවත්ය. එම නිසා අදාළ ඒකකය අහෝසි කරන ලෙස ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා ඉල්ලා සිටියේය.

මේ සම්බන්දයෙන් ලබන ජුනි 17වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන මෙන් නීතිපතිවරයාට නොතිසි නිකුත් කලාය.

පෙත්සම ගොනුකල පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කියා සිටියේ දුෂිතයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව තමන් වහන්සේ විරුද්ධ නොවන අතර දේශපාලනීයකරණය වූ පොලිස් ඒකක ක්‍රියාත්මක වීම ඉතා භයානක බවයි.

 

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top