මෑත යුගයේ සියලු යුද්ධයන් ඇමරිකාව ආරම්භ කළා.

ඇමරිකාව විසින් මත යුගයේ සියලූ යුද්ධයන් ආරම්භ කර ඇති බව රුසියානු ආරක්‍ෂක මණ්ඩලයේ ප‍්‍රධාන මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩල ප‍්‍රධානි ලූතිනන් ජෙනරාල් ඇන්ඩි‍්‍ර කර්තපොලොව් පවසා ඇතැ. ඇමරිකන් හා ඔවුන් ගේ මිතුරන් අවසන් දශකය තුළ අවස්ථා 50කදී වෙනත් රාජ්‍යයකට එරෙහිව මිලිටරි බලය භාවිතා කර ඇති බවයි.

රුසියාව ලෝකයේ විකල්ප බල කේන්ද්‍රයක් බවට පත්වීම වැළැක්වීම ඇමරිකානු පරිපාලනයේ මුලික අරමුණ බවද කර්තපොලොව් පවසා තිබේ.

යුක්රේනයේ හමුදා පුහුණු කිරීම සඳහා ඇමරිකාව විසින් සිය ගණනක් හමුදා උපදේශකයින් යවා ඇති අතර ඔවුන් පුහුණු ආයතන වෙත නොව මරියුපෝල්, සෙවෙරොඩොනෙට්ස්ක්, ආර්ට්යොමොව්ස්ක් හා වොල්නොවාකා ආදී ගැටුම පවතින කලාපයන්ට සෘජුව යොමු කරන බව රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශ ප‍්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් පවසයි.

1942 න් පසු ඇමරිකාව යුද්ධයක් ප‍්‍රකාශයට පත්කර නැතත් සිරියාව ඔබාමාගේ පාලන කාලය තුළ ඇමරිකානු ප‍්‍රහාරයට ලක්වූ 7වන රාජ්‍යය බවද නොබෝදා වාර්තා විය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top