මැයි දිනයේ දී මහින්ද සහ මෛත‍්‍රී ජන බලය උරගා බලයි

මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ඒකාබද්ද විපක්‍ෂය විසින් වෙනම මැයි රැළියක් පැවැත්වීමට තීරණය කර ඇත.
රැලියේ ප්‍රධානත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දරන අතර මෙම රැළිය තිඹිරිගස්‌යාය හෙන්රි පේද්‍රිස්‌ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතියි.

මෙම තීරණය ගෙන ඇත්තේ පෙරේදා පැවති ඒකාබද්ධ විපක්ෂයේ සමාලෝචන රැස්වීමකදීය.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද මැයි රැළිය පැවැත්වීමට තීරණය කර ඇති අතර එහි නායකත්වය ජනාධිපති සිරිසේන ගන්නා බව ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි. පසුගියදා මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ද විපක්ෂය සංවිධානය කල හයිඩ්පාක් රැළියෙන් පසු ආණ්ඩුවට එරෙහි කණ්ඩායම්වලට විරුද්දව ජන රැළි විරෝධතාවයක් පවත්වා සිරිසේන පාර්ශවයේ බලය පෙන්විය යුතු යයි එම පක්‍ෂ ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශවයේ මන්ත්‍රී කණ්ඩායමක් සාකච්චා කරමින් සිටිති. ඔවුන්ගේ ඒකමතික අදහස වී ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද සහභාගී කර ගනිමින් මයි දිනයේ රැළියක් පැවැත්විය යුතු බවත් එම රැලිය හයිඞ් පිටියේ ‘ජන සටන’ විරෝධතාවයෙ සහභාගී වූ ප‍්‍රමාණයට වඩි විශාල ප‍්‍රමාණයක් ගෙන්වා ගත හැකි විශාල පිට්ටනියක විය යුතු බවත්ය.

එම සාකච්චාවේදී මධ්‍යස්ත මන්ත්‍රීවරයෙක් අවධාරණය කර ඇත්තේ යම් විදිහකින් බලාපොරෙත්තු වන පිරිස් සහභාගී නොවුනොත් ජනාධිපති සිරිසේනට දැනට ඇති ජන බලය දෙගුණ තෙගුණ ලෙස අයහපත් වී තියෙන ජන පදනමද දියවී යාමට ඉඩ ඇති බවය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top