මාස 4ක බිලිඳා නේපාලයේ කඩාවැටුණු ගොඩනැගිල්ලකින් බේරා ගනී

පසුගිය සෙනසුරාදා නේපාලයේ සිදු වූ දරුණුතම භූකම්පනයෙන් කඩා වැටී තිබූ ගොඩනැගිල්ලක් තුළ කොටු වී සිටි මාස හතරක බිලිඳකු බේරා ගැනීමට සහන සේවකයන් සමත් වී ඇත. මෙම බිලිඳා සොනිටි අව්වාල් ලෙස හඳුනාගෙන ඇත.

තම දරුවා කඩා වැටුණ ගොඩනැගිල්‍ලේ සිරවී සිටින බව දෙමාපියන් විසින් දැනුම් දී ඇති අතර එදින මධ්‍යම රාත්‍රිය දක්වා දරුවා සොයා මෙහෙයුම් සිදු කළද ඒවා සියල්ල ව්‍යර්ථ වී ඇති නිසා සහන කණ්ඩායම් ඉවත්ව ගොස් ඇත. එහෙත් දෙමාපියන් එම ස්ථානයේ රැඳී විමසිල්ලෙන් සිට ඇත.

පැය කිහිපයකට පසු නැවත වරක් දරුවාගේ හැ¾ඩීමක් ඇසීමෙන් දෙමාපියන් නැවත වරක් සහන කණ්ඩායමට දන්වා ඔවුන් ගෙන්වා ගැනීමෙන් පසු මෙම දරුවා මුදා ගැනීමට හැකි වී ඇතැයි වාර්තා කර තිබේ. දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවාට කිසිදු හානියක් සිදුව නොමැති බවත්, ඉතා හොඳ තත්ත්වයෙන් පසුවන බවත්ය. පසුව දරුවා රෝහලෙන් පිටත්කර තිබේ.

සෙනසුරාදා සිදු වූ මෙම සිද්ධියෙන් ඇති වූ මරණ ගණන 5500 ඉක්මවා තිබෙන අතර එය තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. කත්මණ්ඩු නුවර සහ දුෂ්කර ප්‍රදේශයන්හි සුන්බුන් මේ වන විටත් ඉවත් කරමින් පවතී. එසේම ආපදාවන්ට පත්ව ඇති දුෂ්කර ප්‍රදේශවලට සහන සේවකයන්ට ළඟා වීමට ඇති මහා මාර්ගවලට සිදුව ඇති හානි හේතුවෙන් ඔවුන්ට එම ප්‍රදේශ කරා මතෛක් ළඟා වීමට නොහැකිව පවතී.

නවතම වාර්තාවක් පෙන්වා දී ඇත්තේ තුවාල ලැබූ සංඛ්‍යාව 100,000 ඉක්මවා ඇති බවයි. එසේ තුවාල ලබා සිටින දුෂ්කර ප්‍රදේශවාසීන්ට වෛද්‍ය ආධාර සැපයීමද අපහසු කාර්යයක් වී ඇත.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top