“මගේ කාලයේ අලවන්න දුන්නේ නෑ, ඒක නිසා තමයි එන්නේ කොමිෂන් වලට එන්නේ ” – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය.

බරපතළ වංචා දූෂණ චෝදනා සෙවීමේ ජනාධිපති කොමිසම අද (26) නැවත වාරයක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසම ඉදිරියට පැමිනෙන ලෙසට දැනුම්දී තිබුණි.

හිටපු ආරක්ෂක ලේකම් ජනපති පරීක්ෂණ කොමිසමට පැමිණ රක්නා ලංකා සමාගමේ සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා ගැන කොමිසම නැගු ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් පසු ඉන් පිටවයද්දී එහි රැඳී සිටි මාධ්‍යවේදීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අද කොමිසමට පැමිණීම පිළිබඳව කල විමසුමට රාජපක්ෂ මහතා පැවසුයේ  “අද කැඳවීමේ දිනයක් පමණයි. අලුත් දින දෙන දවසක්. අලුත් අයව කැඳවා තිබුන නිසා ඒ අයගේ නීතිඥ මහත්තුරු ඒ අයගේ විරෝධතා ඉදිරිපත් කළා. එහෙම නැතුන අද පරීක්ෂණ පැවැත්වුයේ නැහැ. පරීක්‍ෂණ පැවැත්වෙන්නේ 3 සහ 4. මේ සමාගමේ නිලධාරින් මිලියන 5ක වටිනාකමකින් පටන් ගෙන අද බිලියන 5 ක් වටින සමාගමක් බවට මේක පත් කරලා තියෙනවා. කැපවීමෙන් රාජකාරිය කරපු නිලධාරීන්ව අද මේ වගේ උසාවි වලට, පරීක්ෂණවලට භාජනය කර තිබීම ඉතාමත්ම කනගාටුදායකයි. මගේ දැනුම අනුව නම් මේවා පුද්ගලිකව අපෙන් පලිගන්න කරන අනවශ්‍ය දේවල්. ඒවා ඉතින් ඉදිරියේදී ජනතාවත් හැමදෙනාමත් බලාගනියි” යන ලෙසයි.
මහවිරු දිනය සිහිපත් කර උතුරේ පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් එතුමාගේ අදහස කුමක්දැයි මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවසුයේ “මගේ කාලයේ ඇලෙව්වේ නෑ. මම දැන් ආරක්ෂක ලේකම් නෙවෙයිනේ, මගේ කාලයේ අලවන්න දුන්නේ නෑ, ඒක නිසා තමයි එන්නේ කොමිෂන් වලට” යනුවෙන් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.

මහා පරිමාණ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මාධ්‍යට ප්‍රකාශා කලේ හිටපු ආරක්ෂක ලේකම්තුමාට අමතරව හිටපු නාවික හමුදාපතිවරුන් වන ජයන්ත පෙරේරා, ජයනාත් කොළඹගේ යන මහත්වරුන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය ද රක්නා ලංකා ආරක්ෂක සේවයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට අද (26) ඔවුන් කොමිසම ඉදිරියට කැඳවූ බව ය.

මේ සම්බන්ධව මීට පෙර හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන තිබුණි.

පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කිහිප අවස්ථාවක ජනාධිපති විමර්ශන කොමිසම හා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨිශය ඉදිරියේ ප‍්‍රශ්ණ කිරීම්වලට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවා තිබු අතර මීට කලින් කැඳවා තිබුනේ පසුගිය සැප්තැම්බර් 17 සහ 18 යන දිනවලය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top