පුනරුත්තාපනය නොවූ ත්‍රස්තවාදියා ළඟ මරාගෙන මැරෙන ඇඟලුම් කට්ටලය

මරාගෙන මැරෙන බෝම්බ ඇඟලුම් කට්ටල සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් චාවකච්චේරියේ මරවනකුලම් හි පාළු නිවසකින් පොලිසිය සොයාගෙන ඇත.
මෙම පුපුරන ද්‍රව්‍ය අතර පැති බෝම්බ හතරක්, අධිබලැති ටීඑන්ටී පුපුරන ද්‍රව්‍ය කිලෝ 12ක්, මිලි මීටර් 9 පතරොම් 100ක්, පැති බෝම්බ පිපිරවීමට යොදා ගන්නා බැටරි පැක් දෙකක් යතුරු පැදියක් හා සිම්කාඩ් හතරක් සමග සැකකරුවක් ද එම ද්‍රව්‍ය සඟවා තිබු නිවසේ හිමිකාරියද කිලිනොච්චියේ අක්කරායන්කුලමේදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුපුරන ද්‍රව්‍ය පසුගිය යුද සමයේ දී සඟවා තබන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

මේ පිළිබඳව මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළි වෙමින් පවතින්නේ අත් අඩංගුවේ පසුවන එක අදාල පුද්ගලයෙකු වසය අවුරු 15දී කොටි සංවිධානයට බැඳී ඇති අතර ඔහු පුනරුත්තාපනය නොවූ අයෙකු බවය.

අද (30) පවතී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා කියා සිටියේ චාවකච්චේරියේදී සොයා ගන්නා ලද පැති බෝම්බ පහ බිම් බෝම්බයකටත් වඩා භායනක බවය. මෙහිදී ජැකට් දෙකක්, සී හතර (ප්ලාස්ටික් පුපුරන ද්‍රව්‍ය) බෑග් තුනක් හා දුරකතන සිම් පහක් හමු වී ඇති බවත්,දැන් රජය උත්සාහ කරන්නේ ඇත්ත වසන් කර මේ පිළිබඳ අඩුතක්සේරුවකින් පෙන්වීමට බවත් මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා පැවසීය.
ඒ නිසා මෙම සිද්ධිය සුළුකොට නොසිතිය යුතු බව ප්‍රකාශ කල ඒ මහතා තවදුරටත් කියා සිටියේ මේ සිද්ධියේ මුල කුමක්ද? ඊට පසු තත්ත්වය මොකක්ද? මේ සක කටයුතු පුද්ගලයින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද? මේවා වැල්ලවත්තට එවනවා නම්, කොළඹට එවනවා නම් මොකක්ද කරන්න හදන විනාශය? යන්න සම්බන්ධයෙන් රජය ඉක්මනින් ක්‍රියා කළ යුතු බවත් මේ පිළිබඳව ජනතාව දැනුම්වත් විය යුතු බවත්, ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය විසින් රජයට බලකර සිටින බවත්ය.

රජය දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගන්නවා යැයිද, අන් සියලු දේට වඩා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීමකින් කටයුතු කළ යුතු බවත් ඒ මහතා පවසයි.

මෙම සිද්ධිය පිළිබඳව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අදහස් දක්වමින් පවසන්නේ චාවකච්චේරියෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් හමු වූ පමණින් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් පවතින බව කිව නොහැකි බවය. රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නැති බවත් ඉදිරියේදීත් ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි කිසිම තත්වයකට ඉඩ නොතබන බව සඳහන් කළේය.

චාවකච්චේරි ආයුධ තොගයක් ජාතික ආරක්‍ෂාවට මහා තර්ජනයක් විය හැකි බව කිසිවකු හෝ කියන්නේ නම් එම තැනැත්තාට රටේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ කිසි අවබෝධයකින් නැතුව කරන ප‍්‍රකාශයක් බවද යුද්ධයෙන් පසු අවස්ථා ගණනාවකදීම මෙවැනි ආයුධ සොයාගැනීම් පිළිබඳව බුද්ධි අංශ වාර්තා කර ඇතැයි ආරක්‍ෂක ලේකම් හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය.

මෙවැනි සිද්ධී ගැන පොලීසිය නිසි ආකාරයෙන් පරීක්‍ෂණ කරනු ඇතැයි කී හෙට්ටිආරච්චි මහතා පොලීසිය දෙන තොරතුරු තක්සේරු කර ඒ අනුව කටයුතු කිරීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ වගකීම බව ද කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා

වීඩියෝ: ඉෂාන් සංජිව

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top