පා ගමනේ ගොස් නීතිය කඩ කර නිසා විරවංශ අධිකරණයට ගෙනෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් ශ‍්‍රී ලංකාවට පැමිණි දිනයේ තම පක්‍ෂය ඊට එරෙහිව පැවැත්වූ විරෝධතා පාගමන නීතිය කඩ කිරීමක් ලෙස අර්ථ ගන්වා තමන් ඇතුළු පක්‍ෂයේ නායකයන් 06 දෙනෙකු පොලීසිය විසින් අද(18) අධිකරණයට කැඳවා තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද කොළඹ අලූත්කඬේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා මාධ්‍යට මුහුණ දුන් අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

‘‘මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් ලංකාවට පැමිණි දිනයේ අපි ඊට විරුද්ධව දියත් කළ ‘විරෝධතා පාගමන’ නීතිය කඩ කිරීමක් ලෙස අර්ථ ගන්වලා පොලීසිය විසින් අධිකරණයට පැමිණිලිකර තිබුණා. අපගෙන් කටඋත්තර ගැනීම සඳහා අද පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. ඒ අතරම ලිප්ටන් වටරවුම වටකොටගෙන එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ඇතුළු කණ්ඩායම් විසින් මහජනයාට අවහිර වන ආකාරයට උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ ඇයි දැයි යන ප‍්‍රශ්නය අපගේ නීතිඥ මහත්වරුන් විසින් අධිකරණයෙන් විමසා සිටියා. කෙසේ නමුත් පොලීසියට ගොස් මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස අධිකරණයෙන් දන්වනු ලැබුවා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා

ප‍්‍රශ්නය :– හයිඞ් පිටියේ රැස්වීමක් පවත්වලා හිටපු ජනාධිපතිතුමා රට නැවත වලකට ඇද දමන්න හදනවා කියා ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා.

පිළිතුර: – මට කියන්න තිබෙන්නේ ‘සභාවේ සිනා’ කියලා පමණයි.

ප‍්‍රශ්නය :– ජවිපෙ නායක අනුර දිසානායක මහතා කියනවා ඊයේ හයිඞ් පිටියට ගියානම් හොරු ටික ඔක්කොම අල්ලා ගන්න තිබුණා කියලා.

පිළිතුර :– සිරිකොතේ ලැගලා ඉඳුල් කමින් ඉන් තර වී ජීවත් වන ඞීල් කුමාරට ඒ දේවල් ඒ විදියට පෙනෙන එක ස්වාභාවිකයි. ඒකට අපි පුදුම වෙන්නේ නැහැ.

අනවසරයෙන් ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතය සහ තවත් චෝදනා කිිහිපයකට අධිකරණයේ පෙනී සිටි විමල් වීරවංශ මහතා ඇතුළු හයදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top