පා ගමනට තහංචි දැම්මොත් යහපාලන ආණ්ඩුවට නඩු – ගම්මන්පිල(වීඩියෝ)

අද (25.7) පක්ෂ මුලස්ථානයේ පවතී පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවට පක්ෂයේ මධ්‍යමකාරක සභික පුජ්‍ය සිගිරියේ ධම්මින්ද හිමි, පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල, හෝමාගම අසන සංවිධායක හේරත් යන මහත්වරුන් සහභාගි වූ අතර එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා කාලින මාතෘකා කීපයක් පිළිබඳවම මෙසේ අදහස් දැක්වූවාය.

ජන සටන පා ගමනට අද ආණ්ඩුව බියෙන් සැලෙනවා. අගමැතිතුමා පසුගිය සෙනසුරාදා අලිබබා සහ හොරු 40ට හොරකම් කරන්න ඉඩ දෙන්න කියලද පාගමන් යන්නේ කියලා අපෙන් විමසුවා. අපි අගමැතිතුමාට කියනවා අලි ඉන්නේ අපිගාව නෙවෙයි ඔබතුමාගාවයි. අලි බලා ගන්න ඔබතුමා තමයි අලි බබා. ඔබතුමාගේ ඇමති මණ්ඩලයේ ඉන්න 44 තමයි ඔය කියන හොරු 40ඉන්නෙත්, මහබැංකු බැදුම්කර වංචාවක් සිදුවුණා කියලා විගනාකාධිපති කියලා තියෙන්නෙත්, ගල් අගරු වංචාවක් වුණා කියලා ශ්‍රේෂ්ඨාදිකරණය කියලා තිවෙන්නෙත්, අපේ ආණ්ඩු වලට නෙවෙයි ඔබේ ආණ්ඩුවටයි ඒ නිසා ඔබට අයිති නම් ගම් වලින් අපිව අමතන්න එපා කියලා අපි අගමැතිතුමාට කියනවා.

සමෘද්ධි කෘපනිස නිලධාරින්ගේ නිවාඩු අහෝසි කරලා පා ගමනට සෙනඟ ගේනවා කියලා.  ඒ අයට ජූලි 28 සිට මාර්තු 2 දක්වා වෙනත් දිසාවන්හි රාජකාරි පවරලා.  ඒ අතරේ මාර්ග තදබදය ඇති වීම වාර්ගික ගැටුම් ඇති විය හැකිය වැනි පදනම් විරහිත කරුණු දක්වලා අතර මැද දී පා ගමනට තහනම් නියෝග ගැනීමේ සූදානමක් තිබෙන බවට ප්‍රවෘත්ති ලැබෙමින් තිබෙනවා.  අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස සහ ලංකාවේ කැමති තැනකට යාම් ඊම් කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) වගන්තියෙන් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම්.  ඒ නිසා තහනම් නියෝග ගැනීමට සිටින පොලිස් නිලධාරින්ට අනතුරු අඟවන්න කැමතියි  ඔබ තහනම් නියෝග ගත්තොත් මූලික මිනිස් අයිතිවාසිකම් නඩු වැටේවි.  එහෙම වුණොත් ඔබේ උසස්වීම් විදෙස් ගමන් සියල්ලම ඇණ හිටීවි. ඒ නිසා පා ගමනට අත නොතබනු කියලා පොලිස් නිලධාරින්ට අනතුරු ඇගවීමක් කරනවා.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී විමල් වීරවංශ මන්ත්‍රිතුමා ඔහුට උදව් ඕනෑ විට අගමැතිට කතා කරන බවට අගමැති ඇඟවීමක් කළා.  දැන් මේ කතාව අල්ල ගෙන රතු අලි පැටව්, කොල අලි පැටව්, නිල් අලි පැටව් තලු මරමින් විමල් රනාල් පාස්පොට්ඩීල් එකක් තියෙනවා කතාවක් කියනවා.  ඉතාම වගකීමෙන් කියන්නේ පාස්පෝට් සිද්ධියේ දී අගමැතිතුමා සමග කවුරුවත් රහස් ඩීල්දැම්මේ නෑ.  ඒ ගැන හොඳටම දන්නා පුද්ගලයා මම.

වලංගු ගමන් බලපත්‍රයක් තිබිය දී විමල්ව ගුවන් තොටුපලේ රඳවා ගත් විට ඔහු කතා කලේ මටයි.  එතකොට මම පාර්ලිමේන්තුව ඇතුලට යමින් සිටියේ.  මම වහාම සිදුවීම දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට කිව්වා.  එතුමා මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා.  එතුමා කිව්වේ රටවල් ගණනාවක මාසයක් පුරා දේශන පැවැත්වීමටයි විමල් යන්නේ.  ඒ ගමන කඩාකප්පල් කරන්න එපා.  ඔහුට යන්න දෙන්න.  ලංකාවෙන් පැනලා යන්නේ නෑ.  ආපසු එනවා.  ආවාම ඕනෑම ප්‍රශ්න කිරීමක් කරන්න.

අගමැතිතුමා ඒ ඉල්ලීමට එකඟ වෙලා ඒ ගැටළුව විසඳීම ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමාට භාර කළා.  ඔහුත් එක්ක සම්බන්ධිකරණය දිනේෂ් මන්ත්‍රිතුමා මට භාර කළා.  මේවා රහස් සාකච්ඡා නොවේ.  පාර්ලිමේන්තු සභා ගර්භයේ සිදු වුණේ.  ඊට පස්සේ මමත් ජයන්ත සමරවීර මන්ත්‍රිතුමාත් ගිහින් කිරිඇල්ල ඇමතිතුමා හමු වුණා.  අපි ඉදිරියේ කිරිඇල්ල ඇමතිතුමා ආගමන විගමන පාලකට දුරකතනයෙන් කතා කරලා අගමැතිගේ උපදෙස දැනුම් දුන්නා.  ආගමන විගමන පාලක කිව්වේ විමල් මන්ත්‍රිතුමාට වලංගු ගමන් බලපත්‍රයක් තිබෙනවා.  ඒ නිසා රටින් බැහැර වෙන්න අවසර දීමට අපට කිසිම ගැටළුවක් නෑ.  ආරක්ෂක අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කිරීම් සිදු වන්නේ කියලා. ඊට පස්සේ කිරිඇල්ල ඇමතිතුමා “ඉහලින් ආපු නියෝගයක් අපට කරන්න දෙයක් නෑ“ කියලා මට කිව්වා.  ඊට පස්සේ පොලීසියෙන් අධිකරණයට ඉදිරිපත් කරලා ඇප දුන්නා.  ඊට වඩා දෙයක් වුණේ නෑ.  එතැන අගමැති එක්ක ඩීල් එකක් දාන්න විමල් මන්ත්‍රිතුමා වරදක් කරලා තිබුණේ නෑ.

උසාවිය ප්‍රකම්පනය වන ගල් අඟුරු වංචාවක් සිදු වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබිය දී ස්විස් සිංගප්පූරු සමාගමටම ගිවිසුම අවසන් වන තුරු ගල් අඟුරු සැපයීමට අවසර ඉල්ලා ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.  බොහෝ විට මේ බදාදා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වේවි.  ඊට අවශ්‍ය පසුබිම සකසා ගන්න විදුලි බල ලේකම්වරයා නීතිපතිගෙන් නඩු තීන්දුව පිලිබඳ උපදෙස් ඉල්ලා 2016 ජූලි 1 ලිපියක් යවනවා.  නීතිපති ජූලි 18 සිය උපදෙස එවනවා.  ඒ උපදෙස අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ටෙන්ඩරය අවලංගු කර නැති නිසා ඇමති මණ්ඩලයට ඕනෑ නම් 2017 අප්‍රේල් මස ටෙන්ඩරය අවසන් වන තුරුස්විස් සිංගප්පූරු සමාගමෙන්ම ගන්න පුළුවන්.  කැමති නම් ගිවිසුම ප්‍රකාර ගිවිසුම අවලංගු කරන්න පුළුවන්.

නීතිපති මේ උපදෙස දීලා තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ස්විස් සිංගප්පූරු සමාගමට වාසි ලෙස අර්ථ නිරූපණය කරමින්.  තීන්දුව විකෘති කරමින්.  මේ ගිවිසුම අවලංගු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙනවා.  නීතිපතිවරයා එල්ලිලා තිබෙන්නේ නඩු තීන්දුවේ අවසන් පිටුවේ තිබෙන නියෝග යටතේ may කියන ඉංග්‍රීසි වචනය.  ඒ වචනයෙන් කළ යුතුය යන්නට කළ හැකිය යන අර්ථය ගැනෙන නිසා තමයි ඇමති මණ්ඩලයට අභිමතය තිබෙන බවට නීතිපති කියන්නේ. ඒ අනුව ඇමති මණ්ඩලයට ඕනෑ නම් ගිවිසුම අවලංගු කල හැකියි.  නැතිනම් පවත්වා ගත හැකියි. නමුත් දෙවන නියෝගයේ සඳහන් වන්නේ නීතිය අනුව යලිතරගකාරිවමිළ ගණන් කැඳවන්න කියන එකයි.  පළමු නියෝගයෙන් අවලංගු කිරීමේ විකල්පය තෝරා නොගත්තොත් දෙවන නියෝගය ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා.  ඒ නිසා පළමු නියෝගයෙන් ඇමති මණ්ඩලයට ලබා දුන් අභිමතය දෙවන නියෝගයෙන් නැවත අහිමි කරනවා.

මේ අනුව නීතිපති වැරදි උපදෙසක් ලබා දීලා මේ වංචාව තව දුරටත් කරගෙන යෑමට ආණ්ඩුවට අවස්ථාව සලසා තිබෙනවා.  නීතිපතිවරයා ඇත්තෙන්ම අධිකරණ නියෝගයක් ඉටු නොකරන්න උපදෙස් දීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරලා තිබෙන බව ඉතාම වගකීමෙන් කියනවා.

මාධ්‍ය වලට හොඳ පාඩමක් උගන්වනවා කියා අගමැතිතුමා ප්‍රකාශ කරනවා.  නමුත් මාධ්‍ය වලට පාඩම් ඉගැන්වීමට ගිය සෑම දේශපාලකයෙකුම දේශපාලනයෙන් සමු ගත්තේ මාධ්‍ය වලින් පාඩමක් ඉගෙන ගෙන.  මේ ගැන එතුමා දන්නේ නැති නම් තමන්ගේ සීයා වුණු ඩී ආර් විජේවර්ධන මැතිතුමාගේ ජීවිත කතාව අධ්‍යනය කරන්න කියලා එතුමාට කියනවා.  මාධ්‍ය ආණ්ඩු විරෝධි නෑ.  ජනතාව ආණ්ඩුවට පක්ෂ වෙන විට මාධ්‍ය ඒක වාර්තා කරනවා.  ඒ වගේම ජනතාව ආණ්ඩු විරෝධි වන විට ජනතාව ඒකත් වාර්තා කරනවා.

වීඩියෝ:

නුවර සිට කොළඹ දක්වා යන ජන සටන පාද යාත්‍රා ගමන

පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මුලස්ථානයේ පවතී පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුව

 

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top