“පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක්”

සිරිසේන වික්‍රමසිංහ යහපාලනයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බරපතල තර්ජනයකට සහ අවධානමකට ලක්වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්ට පැමිණිලි කර ඇත.

විපක්ෂනයේ බහුතරයක්‌ සිටින ඒකාබද්ධ විපක්ෂතයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ඇමතීමට නිසි ලෙස කාලය වෙන් නොකිරීම ඇතුළු පාර්ලිමේන්තු අඛණ්‌ඩ පැවැත්මට බාධාකරන කරුණු කිහිපයක්‌ සම්බන්ධයෙන් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පරුම, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ හා වාසුදේව නානායක්කාර මහත්වරු ලිපියක් මගින් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් හමුවී සාකච්ඡා කිරීමට ඉක්මනින් දිනයක් දෙන ලෙසයි.

මෙම අන්තර් පාර්ලිමේන්තු සංගමය ස්‌විට්‌සර්ලන්තයේ පිහිටා තිබෙන අතර එයට ලෝකයේ ඕනෑම රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

පෙර සිටි කතානායකවරුන්ගේ තීන්දු උල්ලංඝණය කරමින් නූතන කතානායකවරයා ක්‍රියාකරන බවත්, එම නිසා විපක්ෂයේ අයිතිවාසිකම් හා වරප්‍රසාද වලට තද බල අවධානමක් හට ගෙන ඇති බවත් ඔවුහු පවසති.
පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුව ද අපහරණ වී ඇතැයි ද එමගින් ජනතා පරමාධිපත්‍ය විනාශ වී ඇතැයි ද පසුගිය අගෝස්තු 17 වැනි දා පාර්ලිමේන්තු ඡන්දයෙන් මහජනයාගේ මතයට ද එයින් පහරක් වැදී ඇතැයි ද ඔවුහු පවසති.
ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාර්ලිමේන්තුවේඇති ඉඩකඩ සතියෙන් සතිය භයානක ලෙස අවම වන බවත්, පාර්ලිමේන්තුව හා එහි කමිටුවලට ඇති මහජන විශ්වාසය සීග්‍රයෙන් බොඳ වී යන බවත්, එබැවින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට දැරිය නොහැකි හානියක් සිදු වන බවත් ඔවුහු කියති.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top