“වික්‍රමසිංහ මහතා සිරස ගැන නම් කිව්වේ නෑ ..සිරසට හරි ආදරෙයි “- හිටපු ජනාධිපති (වීඩියෝ සමග)

ජනාධිපතිවරණය සමයේ ස්වාධීන රූපවාහිනි නාලිකාවේ වෙළඳ දැන්වීම් යටතේ තම අපේක්ෂකත්ව ප්‍රචාරයේදී මූල්‍යමය පාඩු කළැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසමට පැමිණියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වේදීන් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බවත් මාධ්‍යවේදීන්ට නිදහස ලබාදිය යුතු බවත් යහපාලනය වන්නේ එය බවත් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ දී ඒ ආකාරයට මාධ්‍යවේදීන්ගේ නම් සඳහන් කිරීම සුදුසු නැති බවත්, රාජපක්ෂ මහතා මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය හොදින් දත් වික්‍රමසිංහ මහතාගේ එවැනි ප්‍රකාශ නවක මන්ත්‍රීන්ට වැරදි පුර්වාදර්ශ විය හැකි බවත්, වික්‍රමසිංහ මහතා සිරස නාලිකාව ගැන කිසිවක් ප්‍රකාශ නොකලේ එම නාලිකාවට ඇති ආදරය නිසා විය හැකි බව සඳහන් කළේය.

ජනමාධ්‍ය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස විවේචනාත්මකව කථා කළේය.
කිසිදු පුවත් පතක හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන් කතුවැකියක් නොලියා ඇති බවත් ඒවා ලියන්නේ කවදාදැයි ප්‍රශ්න කල අතර දෙරණ රුපවාහිනි නාලිකාවේ චතුර අල්විස් රීරි යකෙකුට සමාන කල අතර විද්‍යුත් මාධ්‍ය තුළින් ජාතිවාදය අවුස්සන්න බව චෝදනා කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය

මුලාශ්‍රය: සිරස රුපවාහිනි නාළිකාව

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top