“කවර බාධා ආවත් පාද යාත්‍රාව ඉදිරියටම” – විමල් වීරවංශ

ඒකාබද්ද විපක්‍ෂය හෙට දිනයේ මහනුවර සිට කොළඹ දක්වා පැවැත්වන විරෝධතා පාද යාත‍්‍රාව ටහනම් කරන ලෙස පොලිසිය විසින් මාවනැල්ල හා මහනුවර අධිකරණයන්ගෙන් ඉල්ලා තිබුණු අතර එම අධිකරණ දෙකේදීම ඒකාබද්ද විපක්‍ෂ නියෝජනය කරමින් නීතිඥයින් පෙනී සිටියය.යහ.
මහනුවරදී පොලීසිය අධිකරණයට පවසා ඇත්තේ එජාප සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වෙන බැවින් ගැටුමක් ඇති විය හැති බවය.
එහෙත් අධිකරණය නියෝග කර ඇත්තේ එම වැඩසටහන පස්වරු දෙකෙන් පසු ආරම්භ කරන ලෙසය.
ඒකාබද්ද විපක්‍ෂයේ පාද යාත‍්‍රාවට කිසිදු තහනම් නියෝගයක් නිකුත් කර නැත.

මාවනැල්ල පොලීසිය අධිකරණවට දැන්වුයේ මාවනැල්ල නගරයට අගමැති හා ජනාධිපති පැමිණෙන හෙයින් ගැටුමක් ඇති විය හැකි බවයි.
එහිදී අධිකරණයේ තීන්දුව වී ඇත්තේ පෙලපාලිය යාමට බාධාවක් නැති අතර ඒකාබද්ද විපක්‍ෂයේ රැුස්වීමක් මාවනැල්ලේ නොපවත්වන ලෙසය.

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව ගැන කලබලයට පත්වී සිටින ජනාධිපති සිරිසේන මහතා මිට දින කීපයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශේෂ රැස්වීමකට ආරාධනා කර ජනසටන පාද යාත‍්‍රාවට සහය නොදක්වන ලෙස තර්ජනය කර ඇත.

පාද යාත‍්‍රාවට තහනම් නියෝග නිකුත් කර ඇතැයි මාධ්‍යට තොරතුරු සපයා ඇත්තේ අධිකරණ තීන්දු විකෘති කිරීමට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේය.

වීඩියෝ: කවර බාධා ආවත් පාද යාත්‍රාව ඉදිරියටම

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top