පළාත් ඇමති උපුල් ගේ අනුවණ වදන් නිසා විහින් කරදරේ වැටෙයි.

ජුනි 3වැනිදා පක්ෂ මුලස්ථානයේ පවතී මාධ්‍ය හමුවේදී එජනිස මහ ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට තම පක්ෂය කිසිසේත් එකඟ නොවන බවය.

දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩි.වී උපුල් පසුගියදා තිස්සමහාරාමයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී මහින්ද රාජපක්‍ෂ අගමැතිවූ විට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පී.සීගේ සිට සියලු දෙනා ගල් ගසා මරා දමන බව කීවාය.
එම ප්‍රකාශය් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූවේ පොලිස් නිලධාරීන්ට ගෝත්‍රික යුගයේ දඬුවම් දෙන බව පැවසූ පළාත් අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔහුගේ දැනුමේ ප්‍රමාණය බවයි. ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන තීරණය පක්ෂය මාර්ගයෙන් දැනුම්දීමක් ලැබුණු පසු කරන බවද සන්ධාන මහ ලේකම්වරයා සඳහන් කළේය.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ජුනි 4 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් දකුණු පළාත් සභාවේ ඇමතිවරයෙකු මුල්‍ය අපරාධ කොට්ඨාසය ගැන පසුගියදා කරන ලද ප්‍රකාශය ගැන අදහස් පළ කරමින් පැවසුවේ “ලොක්කා පන්සල් ගානේ ගිහින් මල් වට්ටි පූජා කළාට ලොක්කාගේ හොඳම ගෝලයෙක් වන දකුණු පළාත් ඇමැති ඩී.වී.උපුල් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල් ගසා මරන්න හදනවා. මේවායින් තේරෙන්නේ කොච්චර පන්සල් ගියත් තමන්ගේ සැබෑ ස්වරූපය ගෝලයන්ම එළියට දානවා“ යැයි පැවසිය.

ඩී.වී.උපුල් ශ්‍රී ල නි ප සාමාජිකයෙක් සහ පළාත් ඇමති වරයෙක් වුවද ලොක්කගේ (මහින්ද රාජපක්‍ෂ ) හොඳම ගෝලයෙක් බව ඔප්පු කිරීමට කිසිදු සාධකයක් ගයන්ත කරුණාතිලක මහතා එම මාධ්‍ය හමුවට ඉදිරිපත් කලේ නැත.

මිට අමතරව ධීවර අමාත්‍ය ඩි.වී උපුල් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දකුණු පළාත් ධීවර අමාත්‍යවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ජුනි 4 වැනිදා නියෝග කර තිබේ. තවද ඒ අනුව අදාළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පට සහ හඬ පට අදාළ මාධ්‍ය ආයතන වලින් ලබාගන්නා ලෙසද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එහිදී නියම කර ඇත.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top