“පසුගිය සමයේ අප කළ කැප කිරීම ඡේසු සමිඳු දෙසූ දහමට අනුකූලයි”- මහින්ද රාජපක්‍ෂ

අදට (25) යෙදෙන නත්තල් දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය නත්තල් පණිවුඩයෙන් ප්‍රකාශකර ඇත්තේ පසුගිය වකවානුවේ ජාතීන් අතර සහෝදරත්වය තහවුරු කිරීමට අප කළ දැවැන්ත කැප කිරීම අසල්වැසියාට ප්‍රේම කරන්න යෑයි ඡේසු සමිඳුන් දෙසූ දහමට අනුකූල වන්නක්‌ බවය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නත්තල් පණිවුඩයේ තව දුරටත් මෙසේද සඳහන් වේ.

ඡේසු සමිඳුන්ගේ උපත සමරන මේ නත්තල ශ්‍රී ලාංකිකයන් සේම ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක්‌ වේවා· යි මම ප්‍රාර්ථනා කරමි. නත්තල සැමරීමෙන් අදහස්‌ කරනුයේ සාමයේත්, දයාවේත් පණිවුඩය හදවත් තුළ තහවුරුකිරීමය. විශේෂයෙන් දිළින්දන් වෙත කරුණාවත්, දයාවත් සියලු ජාතීන් අතර සාමයත් පැතිරවීම නත්තල සැමරීමෙන් සිදුවිය යුතුය. පසුගිය වකවානුවේ ජාතීන් අතර සහෝදරත්වය තහවුරු කිරීමට අප කළ අති දැවැන්ත කැප කිරීම ‘අසල්වැසියාට ප්‍රේම කරන්න’ යෑයි ඡේසු සමිඳුන් දෙසූ දහමට ද අනුකූල වන්නකි.

“ඡේසු සමිඳුන් දේශනා කළේ මාගේ නාමයෙන් දරුවකු පිළිගන්නා තැනැත්තා මා පිළිගන්නේය’ යනුවෙනි. ඡේසු සමිඳුන් උපත ලැබූ මොහොතේ තරු එළියෙන් මග සොයමින් උන්වහන්සේ පිදීම සඳහා රජවරුන් තිදෙනකු පැමිණි පුවත කිතුණු ඉතිහාසයේ සඳහන් ය. එසේම මෙම නත්තලේදී ද සතුටේ සොම්නසේ පණිවුඩය කුඩා දරුවන්ගේ හදවත් වෙත අප ළං කළ යුතුය. නත්තල සමරා ඡේසු සමිඳුන්ගේ සාමය, දයාව වෙත අපට ළංවිය හැක්‌කේ එසේ කිරීමෙනි.

ඔබ සැමට සාමය, සතුට, සොම්නස සපිරි සුබ නත්තලක්‌ වේවා· යි මම ප්‍රාර්ථනා කරමි.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top