“පක්‍ෂ වල සීල් ගහගෙන ඉඳලා වැඩක්‌ නැහැ” -ගෝඨාභය(වීඩියෝ සමග)

අද (22) දූෂණ සහ බරපතල වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණ නැවත පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ එතුමාගේ නායකත්වයෙන් බිහිවීමට යන පක්ෂය පිලිබඳව දැනට සමාජයේ පැතිර යන රාවයේ සත්‍ය අසත්‍යයයි.
එයට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේ තමාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්‍ෂයක් තවම පිහිටුවා නැතත් නව පක්‍ෂයක අවශ්‍යතාවය මහජනතාවට දැනී ඇති බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් ලක්‍ෂ 58 ක ජනතාව අද අසරණ වී ඇති බවත් ඔවුන් නියෝජනය කරන්න නව පක්ෂායක අවශ්‍යතාවය ඇති බවත් පක්ෂයවල සීල් ගහගෙන සිටීමෙන් වැඩක්‌ නැති බවත් වැදගත් වෙන්නේ ජනතාව බවත්ය.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂ නායක වුවද ඔහු පොදු ප්‍රශ්ණ ගැන කතා නොකරන බැවින් ලක්‍ෂ 58 ක්‌ වූ ජනතාවගේ මතය නියෝජනය කිරීමට නම් නව පක්ෂතයක්‌ පිහිටුවිය යුතු බව පැවසීය.

නිවැරදි දේ ට කවදත් සහය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂක මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂ‌යේ වුවත්, නව පක්‍ෂයට ද සහාය දෙනු ඇතැයි ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂුය දෙකඩ වුනත් ඒකට කරන්න දෙයක් නැහැ. ඉතිහාසය කියන්නෙ ඒකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ නමක් විතරයි. රටේ ජනතාවගේ අවශ්‍යතාවය ගැන සිතීම ඊට වඩා වැදගත් කියන එකයි මම හිතන්නෙ. බණ්ඩාරනායක මහත්තය, අපේ තාත්ත එදා අලුත් පක්ෂයක් බිහි කළා. එදා එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩෙනවා කියල හිටියේ නැහැනේ” යැයි ඔහු තවදුරටත් පැවසීය.

නව පක්ෂයක් බිහි වුවහොත් තමා දේශපාලනයට පිවිසෙන්නේ දැයි අසු පැනයට සිනහ මුසුව පිළිතුරක් දුන් ඔහු, බිහිවන නව පක්ෂයේ නායකයා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා හෝ ඔහුගේ ආශීර්වාදය යටතේ වෙනත් නායකයෙකු හෝ විය හැකි බව ඉඟි කරන අතර එය සන්ධානයක් වශයෙන් ක්‍රියාත්මක විය හැකි බවද පවසයි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රකාශය නරඹන්න.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top