නිදහස් කළ කොටි රැඳවියන් නිසා හිටපු ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ ජීවිතයට තර්ජනය වැඩියි

සිරිසේන වික්‍රමසිංහ සුසංගත රජයේ තීරණයක් අනුව පුනරුත්තාපනය නොකළ දරුණු එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස් කිරීම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී ඇතැ බව තුමාගේ මාධ්‍ය එ්කකය පවසයි.

මෙම තීරණයත් සමගම ඇතිවී ඇති නව වාතාවරණය යටතේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා දැනට ලබාදී ඇති හමුදා නිලධාරීන්ගේ සංඛ්‍යාවට අමතරව තවත් සෙබළුන් සහ නිලධාරීන් අනුයුක්ත කිරීම ආණ්ඩුවේ වගකීමක් බව රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුක්තව ඇති නිවේදනයේ දැක්වේ.

හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව අඩුකිරීම සම්බන්ධයෙන් ඒ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව අඩුකිරීම
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අරක්‍ෂාවට සිටි හමුදා නිලධාරීන් 500 ක් ඉවත් කළ බවට පුවතක් අද දින මාධ්‍යයේ පුලුල් ලෙස පළවිය. එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකකි. වර්ථමානයේ එතුමාගේ ආරක්‍ෂාවට යුද හමුදාව විසින් සෙබලුන් හා නිලධාරීන් 102 දෙනෙක් අනුයුක්ත කර ඇත. එයින්ද 80 දෙනෙකු ආරක්‍ෂාව සදහාත් 22 දෙදෙනෙකු පරිපාලනමය කටයුතු සදහා යොදා ඇත.

මෑතක සිට වර්ථමාන රජය පුනරුත්තාපනය නොකල, දරුණු එල්.ටී.ටී.ඊ රැදවියන් නිදහස් කිරීම නිසා වසර 30 ක යුද්ධය අවසන් කල රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී ඇත. කොටි සංවිධානයේ සාමාජිකයන් 11,000 කට වැඩි ගණනක් පුනරුත්තාපනය කර රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව විසින් නිදහස් කරනු ලැබූ අතර දිගටම රදවාගෙන සිටියේ පුනරුත්තාපනය කළ නොහැකි දරුණු ගණයේ ත්‍රස්තවාදීන් පමණි. මේ ආණ්ඩුව නිදහස් කරන්නේ මේ අයයි. මෙවැනි තත්වයක් යටතේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව සදහා දැනට ලබා දී තිබෙන හමුදා නිලධාරීන් සංඛ්‍යාවට අමතරව තවත් සෙබලුන් හා නිලධාරීන් අනුයුක්ත කිරීම ආණ්ඩුවේ වගකීම වේ.

අලුත් තත්වය යටතේ, මහින්ද රාජපක්‍ෂ මහතාගේ පමණක් නොව යුද්ධයේ ප්‍රධාන කාර්යභාර්යක් ඉටුකල සෙසු හමුදා හා සිවිල් නිලධාරීන්ගේ ද ආරක්‍ෂාව ගැනත් සුදුසු පියවර ගැනීම ආණ්ඩුවේ යුතුකම වෙන බව අපි මෙහිදී අවධාරණය කර සිටිමු.
රොහන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්

රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුත් නිවේදනය

061215_MR_PressRelease

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top