නව ව්‍යවස්ථා මර උගුලට එරෙහි ජනබලය ගොඩනගමු – ගෙවිඳු කුමාරතුංග [විඩියෝ ]

ප්‍රෝඩාකාරී ලෙස විධායක ජනාධිපතිධූරය අහෝසිය නැමති ඇම ගිල්ලවා දෙමළ බෙදුම්වාදී පිපාසය සංසිඳවන ද්‍රෝහී ව්‍යවස්ථා සංශෝධනයකට හවුල් ආණ්ඩුව සූදානම්ව සිටින බව ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
වත්මන් ව්‍යවස්ථාවේ රාමුවෙන් පිට පැන නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා තමන්ට ජනරවරම් ඇතැයි ආණ්ඩුව පැවසුවත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලහත්කාරය පාවිච්චි කර අටවාගත් හවුලක් මිස 50% කවත් ජනවරමක් ඒ සඳහා නොලැබුණු බව ඔහු තව දුරටත් සාධක සහිතව පෙන්වා දෙයි.

ඔහු මේ අදහස් පළ කළේ පැවිදි හඬ සංවිධානය සහ ජාතික එකමුතුව වීසින් පවත්වන සත්‍යග්‍රහය ගැන දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එදා 20 වන ව්‍යවස්ථා සංශෝධනය රනිල් වික්‍රමසිංහ මහතා බලහත්කාරයෙන් ගෙන එන්නට සූදානම් වෙද්දී එය ‘ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්’ ලෙස හඳුන්වා දුන්නන් අද මේ ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත් කර ඇති කමුටුවේ සාමාජිකයන් වී ඇති බවද ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

මේ නිර්මාණය කරමින් ඇත්තේ අතීත සම්ප්‍රදායන්ට අතීත උරුමයන්ට අනුකූල ව්‍යවස්ථාවක් නොවන බව පෙන්වා දෙන කුමාරතුංග මහතා මෙය රාජ්‍යය දුර්වල කර දෙමළ බෙදුම්වාදය ශක්තිමත් කිරීමටම සූදානම් කරන ද්‍රෝහී ක්‍රියාමාර්ගයක් බැවින් මේ ද්‍රෝහී හවුල් ආණ්ඩුවේ ද්‍රෝහී ව්‍යවස්ථාවට එරෙහිව නැගී සිටීම සියලු දේශප්‍රේමී ජනයාගේ අත් හළ නොහැකි වගකීම බවද අවධාරණය කර සිටී.

ගෙවිඳු කුමාරතුංග මහතාගේ මාධ්‍ය හමුව නරඹන්න.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top