නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම – මහින්ද රාජපක්‍ෂ

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැත්වූ විශේෂ දේශනයක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම මහතාවිධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම ඇතුලූ යෝජිත ව්‍යවස්ථා සංශෝධන පිළිබදව සිය මතය පැහැදිලි කර අතර එය මාධ්‍ය නිවේදනයක් ලෙසද නිකුත් කර ඇත.
එතුමා පවසන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම යනු රටේ අනාගතය වෙනස් කරන කි‍්‍රයාවලියක් බැවින් එයට උපරිම ජනතා සහභාගිත්වයක් ඊට ලබාගත යුතු බවය.
2011 වසරේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම් නිර්දේශ කිරීමට තමන් විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්ද පත් කළ බව සහ ඉකුත් ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කරන බව සඳහන්ව තිබුණු බවය.
මෙම නිවේදනයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවක් මගින් ඉටුකර ගත යුතු අපේක්ෂා කිහිපයකි.
ජනාධිපතිවරයාගේ විධායක බලතල අහෝසි කිරීම සහ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම එ් අතරින් ප‍්‍රමුඛ ස්ථානය ගන්න අතර පවතින ව්‍යවස්ථාවේ කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වගන්ති ඉවත් කළ යුතු බවද ඔහු පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ සම්පුර්ණ නිවේදනය.

170116_MR_Constitutional_Change_Sinhala_001 170116_MR_Constitutional_Change_Sinhala_002170116_MR_Constitutional_Change_Sinhala_003170116_MR_Constitutional_Change_Sinhala_004170116_MR_Constitutional_Change_Sinhala_005170116_MR_Constitutional_Change_Sinhala_006

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top