දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර ආරක්ෂක සේනා පිළිබඳව ජෝන් කෙරී දැනුවත් කරයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අතර හමුවක් කොළඹ ටජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්විණි. මෙම හමුවීමට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, උතුරු කරයේ ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන්, දෙමළ ජාතික සන්ධානය මහ ලේකම් මාවෙයි සේනාධිරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගෙන් සමන්විත විය.

ජෝන් කෙරී හමුවීම පෙර මාධ්‍යට අදහස් දැක්වූ සුමන්දිරන් මහතා කියා සිටියේ මෙරට වත්මන් දේශපාලන තත්ත්වය, අභ්‍යන්තර අවතැන් වුවන් උතුරේ නැවත පදිංචිකිරීම් කටයුතු, තවමත් හමුදාව සතු ප්‍රදේශ නැවත ලබා ගැනීම, දමිල දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, පුනරුත්ථාපන කටයුතු සහ ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සොයා ගැනීම ඉලක්ක කරගත් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ජෝන් කෙරී ගේ සහාය පතන බව සඳහන් කළේය.

මෙහිදී උතුරු කරයේ ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ට උතුරු කරයේ පශ්චාත් යුධ තත්වය පිළිබඳව විස්තරාත්මක කරුණු පැහැදිලි කිරීමක් කර ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම පිළිබඳව අදහස් දක්වමින්, සුමන්තිරන් මහතා නව ව්‍යවස්ථා සංශෝධනය කිහිප ආකාරයකින් වැදගත් වූ අතර ශ්‍රී ලංකා රජය තුළ විශ්වාසයක් ගොඩනං වූ බව පැවසිය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මෙරට සංචාරයක යෙදෙන්නේ 19වෙනි සංශෝධනය තුලින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ස්ථාපිත කිරීමේ උනන්දුව මතයි. එය එසේ නම් දිවයිනේ දෙමල ප්‍රශ්නය විසඳා ගැනීමට ද ඔහු අපට උපරිම සහයෝගය ලබා යුතුයි, දෙමළ ජාතික සන්ධානය එක්සත් ජනපදයන් ද ඒ සඳහා සහයෝගය සහ එවැනිම උද්යෝගිමභාවයක් ඉල්ලා සිටින බව සුමන්දිරන් වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් වරයුකු ශ්‍රී ලංකාවට පැමිණියේ වසර 43 කට පසුවය. මෙම දින දෙකේ සංචාරය ජෝන් කෙරී ගේ පළමුවන සංචාරය වූ අතර මෙම සංචාරයේදී ජෝන් කෙරී ජනාධිපති සිරිසේන, අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් සමගම සාකච්ඡා පවත්වන ලදී. ඔහුගේ අවසාන සාකච්චාව දෙමළ ජාතික සන්ධානය සමග විය.එක්සත් ජනපද ලේකම් ඊයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපලෙන් පිටත්ව ගියේය

 

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top