“දෙමළ ජනයාගේ පිපාසය ඊළම” යයි උතුරේ පෝස්ටර් ගසයි

හෙට පැවැත්වෙන මහවිරු දිනයට එක්වෙමින් “ඊළමට සහාය පළ කරමු” යන වැකි සදහන් පෝස්ටර් ඊයේ යාපනය, වව්නියාව, කිලිනොච්චිය ප්‍රදේශ පුරා අලවා තිබූ බව අද මාධ්‍ය වාර්තා කර තිබුණි. ඊට සම්බන්ධන් ගේ විරෝධයක් නැත. රටක විපක්ෂ නායකට ත්‍රස්තවාදීන් සැමරීමට සහයෝගය දිය හැකිද ? ලෝකයේ මොනම රටකවත් ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ තබා නැත. කිසිදාක ඇලොල්ෆ් හිට්ලර්, ඔසාමා බින් ලාඩන් හෝ ඔවුන්ගේ අනුගාමිකයෝ සමරනු ඔබට දැකිය හැකිද ? නිසැකවම නො හැකි ය.

සිවාජිලිංගම් කියන්නේ ජවිපෙ ට විරු සැමරුම් කළ හැකිනම් ඔවුන්ට ද එම අයිතියම ඇති බවයි. එය මතුපිටින් අපුරු තර්කයකි. ඉන් ඔවුන් ජවිපෙ ද ත්‍රස්‌තවාදීන්ට සමාන කෙරේ. සිවාජිලිංගම් ගේ ප්‍රකාශය share කරන ජවිපෙ සහ ජවිපෙ නොවන ගෝතයන් අනියමින් කරන්නේ ද ජවිපෙත් කොටි සංවිධානයට සමාන කිරීමයි. මේ දෙපිරිසම සමරන්නේ මිනීමරුවන් බව සැබෑය. එහෙත් ජවිපෙ LTTE යට කිසිවිටක සම පාත කළ නොහැකිය. ජවිපෙ මිනී මැරුවේද රාජ්‍ය දේපල විනාශ කළේ ද දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කරගැනීමටය. ඔවුන් ආයුධ ගත්තේ කිසිදාක මෙරට රෝපණය කළ නොහැකි මාක්ස්වාදය ඔළු තුළ හොවාගෙන සමාජවාදී දේශපාලන ක්‍රමයක සුබ සිහින දකිමිනි. ඔවුහු රටේ ස්වෛරීභාවයට,ජාතික නිදහසට අභියෝග නොකළහ. රට බෙදා වෙනම රාජ්‍ය ක් නොඉල්ලුහ.

එහෙත් කොටි ත්‍රස්තයන් ප්‍රභාකරම්ගේ ෆැසිට්වාදී න්‍යාය ට අනුව ඔවුන් මිනී මැරුවේ රටේ ස්වෛරීභාවයට, ජාතික නිදහසට අභියෝග කරමිනි. වෙනම රාජ්‍යක් ඉල්ලමිනි.රට දෙකඩ කිරීම වෙනුවෙනි. ප්‍රභාකරම් දෙමළ ජනයා බලහත්කාරයෙන් සිය අඩසියට ගත් නිසා මියගිය ඥාතීන් පෞද්ගලිකව කෝවිලකට ගොස් අනුස්මරණය කළාට වරදක් නැත. එහෙත් මහවිරු දිනයට එක්වෙමින් “ඊළමට සහාය පළ කරමු” යයි පෝස්ටර් ගසා විරු සැමරුම් කියා කරන මේ කොටි සැමරුම් වලට ඉඩ නොදිය යුතුය.

රටේ විපක්ෂ නායක ලෙස සම්බන්ධන් නියෝජනය කළ යුත්තේ නොබෙදුන රටක පොදු ජන අභිලාශ මිස “දෙමළ ජනයාගේ පිපාසය ඊළමයි. මහවිරු දිනයට එක්වෙමින් “ඊළමට සහය පළ කරමු” යයි පෝස්ටර් ගසා කරන බෙදුම්වාදීන්ගේ ඊළාම් සිහින සැබෑ කරදීමට සහය වීම නොවේ. රටක විපක්ෂ නායක යනු ජාති භේදයකින් තොරව එක් ජන කොටසකට පමණක් සීමා නොවී සමස්ත ජනතාවම නියෝජනය කරන තනතුරකි. එහෙත් සම්බන්ධන් යනු සමස්ත ජනයා කෙසේ වෙතත් උතුර හැරුණු විට දකුණේ වතුකරයේ වෙසෙන තම පාත්‍ර වර්ගයයේම ජන කොටස් වෙනුවෙන් වත් පෙනී සිටීමේ විභවතාවක් පෙන්නුම් නොකළ නායකයකි. ඔහු තවමත් බෙදුම්වාද අත්හැර නැති බවට එයද සාක්ෂ්‍යකි.

සම්බන්ධන් පළමුව කළ යුත්තේ ලක්ෂ්මන් කදිරගාමර්, ආනන්ද සංගරී ඩග්ලස් දේවානන්ද මෙන් බෙදුම්වාදය අතහැර ඇති බව රටේ බහුතරයට විශ්වාස කළ හැකි පරිදි ඒත්තු ගැන්වීමයි. ඔහු මේ විරු සැමරුම් වලට අනුබල දීමෙන් කරන්නේ එය නොවේ. මේ රටේ තිබෙන්නේ වාර්ගික ප්‍රශ්නයක් නොව බෙදුම්වාදය පිලිබඳ ප්‍රශ්නයකි . මතු දැක්වූ නායකයන් බෙදුම්වාදය අත්හළ දෙමළ නායකයින් නිසා ඔවුන් සමග අනවරථ ගැටුමක් හෝ සැකයක් උග්‍ර ජාතිවාදියකුට හැර දකුණේ මැදිහත්ව සිතන බහුතරයකට නැත.

රත්තනදෙණියේ මේධානන්ද හිමි

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top