“දුමින්ද දිසානායක සිටිය යුත්තේ අංගොඩයි” – ඩලස්

පෙරේදා (17) පැවතියේ මෑත යුගයේ අති විශාලතම ජනතාව සහභාගී වූ අති දැවැන්තතම එජාප විරෝධී ජන රැලිය බවට තහවුරු වූ පසුත් එයට සහභාගී වූ පිරිසට විනය පරීක්‌ෂණ කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නෙරපන බවට පක්‍ෂයේ කවුරු හෝ නිලධාරියකු ප්‍රකාශ කරන්නේ නම් ඔහු සිටිය යුත්තේ ඩාලි පාරේ පිහිටි පක්‍ෂ කාර්යාලයේ නොව සිරිකොතේ හෝ අංගොඩ මානසික රෝහලේ බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා අද (19) මාධ්‍යයට පැවසීය.

ශ්‍රීලනිප පක්ෂ මහ ළේකම් දුමින්ද දිසානායක මහතා මාධ්‍යට පවසා තිබුනේ හයිඩ්පිටියට සහභාගීවූ මන්ත්‍රීන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පවසා තිබූ අතර ඊට ප්‍රථිචාරයක් ලෙස අලහප්පෙරුම මහතා මෙසේ මාධ්‍යයට පැවසීය.

මෙම රැලියට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් පස්‌දෙනෙක්‌ගෙන් තිදෙනකු උප සභාපතිවරු 8 දෙනෙක්‌ගෙන් සිවුදෙනකු ද ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අසූවෙන් 43 දෙනකු හා පළාත් සභා මන්ත්‍රීවරු 417 දෙනාගෙන් 284 දෙනකු ද පළාත් පාලන මන්ත්‍රීවරුන් 2611 න් 1484 දෙනෙක්‌ සහභාගි වූ බැවින් විනය පරීක්‍ෂණ පවත්වන්නේ නම් ඔවුන් සියලු දෙනාට විනය පරීක්‍ෂණ පවත්වා පක්‍ෂයෙන් නෙරපීමට සිදුවනු ඇතැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

එම නිසා බුද්ධිමත්ව හා පරිනතව පක්‍ෂය තුළ මතවාදී ගැටුමක්‌ තිබෙන බවට තේරුම් ගෙන එම ගැටලුවට විසඳුම් සෙවීමට කටයුතු කරනවා විනා එජාප උවමනාවන් ඉටුකරමින් පක්‍ෂය කැඩීමට සූදානම් නොවන ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරයා එජාපයට සහයෝගය දීමට පක්‍ෂය කඩන්න අවශ්‍ය කාටදැයි යන්න දැන් නිරුවත් වී ඇති බවද වැඩිදුරටත් කියා පෙන්වා දුන්නේය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top