“දිනූ නිදහස රැක ගනිමු – මහින්ද සමග නැගිටිමු” රැස්වීමට නොසිතු ආකාරයේ අති විශාල ජන ගඟක්( වීඩියෝ සහිතව)

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා මාතරදී පැවැත්වුණු ජන රැලියට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 76ක් සහභාගී වී ඇත. එය මෙතෙක් පවතී රැස්වීම් සඳහා පැමිණි මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් වීම විශේෂත්වයක් බව බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කල අතර මේ නිසා තවත් පෝය 4ක් අවසන් වීමට කලින් අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට එක්වන්නැයි ද රට දියුණු කිරීමට අවශ්‍ය මෛත්‍රිපාල – රනිල් ආණ්ඩුවක් නොව, මෛත්‍රි – මහින්ද ආණ්ඩුවක් යැයි ගුණවර්ධන මහතා රැස්ව සිටි ජනතාවට පැවසීය.

මහින්ද සමඟ නැගිටිමු ජන රැලිය හේතුවෙන් මාතර නගරයේ ඇති වූ දැඩි වාහන තදබදය මගහැරීමට පොලීසිය විසින් රථ වාහන විකල්ප මාර්ග කරා යොමු කිරීමට සිදුවූ අතර රැළිය පැවැත් වූ සනත් ජයසුරිය ක්‍රීඩාංගනය පිරි ඉතිරි යාම නිසා ඇතුළු වීමට නොහැකිව විශාල ජන කොටසක් ක්‍රීඩා පිටියෙන් පිටත රැඳී සිටියහ.

රැළිය පැවතීගෙන යන අතර වාරයේ මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණ ජනතාව සමග රැළිය නැරඹීම නිසා රැස්වසිටි පිරිස අත්පොලොසන් කිරීමට සහ ජයඝෝසා කිරීමට පටන් ගත අතර එතුමා වටා රැස්ව සිටි ජනතාව මහත් ඕනෑකමින් ඔහුට ආචාර කරන අයුරු දැක ගත හැකි විය. හිටපු ජනාධිපති තුමා සුපුරුදු සුදු පැහැ ඇඳුමින් සැරසී සිටි අතර ජනතාවටද ආචාර කලේය. පුරුදු ලෙස ලක්‍ෂ ගණනක් ජන ගඟක් අතරේ වුවද ඔහු මහත් පෞරුෂයෙන් කැපී පෙනුනේය.

MR-matara3  MRinMatara2  MR_Matara1

ඒ අවස්ථාවේ රැළිය අමතමින් සිටි පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මාතර දැන් පැවැත්වෙන රැලිය අසලට පැමිණි බවය. එසේ පැමිණෙමින් අප දිරිමත් කිරීම ගැන මහින්ද රාජපක්ෂ මහතාට ‍බොහෝම පිං යැයි ද ගමන්පිල මහතා එහිදී පැවසීය. කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට ‍ගොඩ නොවි ජනතාවට සමුදෙමින් ආපසු යන්න ගිය පසු යලිත් රැලිය ඇමතු ගම්මන්පිල මහතා කියා සිටියේ යම පාලනයට ඇති එකම ප්‍රශ්නය පැරදුණු මහින්ද ජනතාව අත්නොහැරීම බවය.

මේ අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම මහතා ජනරැලි යට පැමිණ සිටි ලක්‍ෂ ගණනක් ජනතාවක් එක්ව ගිගුම් දෙන හඬින් ප‍්‍රතිඥාවක් දෙමින් මවුබිම වෙනුවෙන් මරණය තෙක් සටන් වදින බවට ඔවුන් සපථ කලාය.

මාතර ට පැමිණීමට නොහැකි ශ්‍රී ලාංකිකයින්ට මාතර පවතී රැස්වීම සජීවීව අන්තර්ජාලය හරහා නැරඹීමට සියලු කටයුතු සලසා තිබුනද යම් විරුද්ධවාදී පිරිසක් එම අන්තර්ජාල සජීවී විකාශයට දැඩි බාධා එල්ල කර සජීවී විකාශනයට තාක්ෂණික අවහිරතා කර ඇත.

ලංකාවේ සියළු අන්තර්ජාල සම්බන්ධතා පාලනය වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හරහාය. එහි සභාපතිවරයා වත්මන් ජානාධිපතිවරයාගේ සහෝදරයා පි. ජි. කුමාරසිංහ මහතාය.

මාතර රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් එවන ලද සුබපැතුම් පණිවුඩය පාර්ලිමේන්තු මන්ත්‍ර ඩලස්‌ අලහප්පෙරුම මහතා විසින් ජනහමුව ඉදිරියේ ප්‍රකාශයට පත් කල අතර, එහි ඔබගේ මීළඟ අරගල භූමියේ නිසැකිවම අප මුණගැසෙන භූමිය බව ඉඳුරාම ප්‍රතිඥ දෙන බව ද, මර්දනයෙන්, සිරගත කිරීමෙන් හෝ දණ්‌ඩනයෙන් මේ අරගලය යටපත් කළ හැකි යෑයි කිසිවකු කල්පනා කරන්නේ නම් එය එසේ නොවන බව ද නැවත නැවතත් මතක්‌ කරදිය යුතු යෑයි ද සඳහන් වෙයි.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික හිටපු නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන්ද මහතා ද මාතර වේදිකාවේ දැකගැනීමට හැකිවූ අතර මෙම රැස්වීමට නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි, පවිත්‍රා වන්නිආරච්චි,ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ, ජී. එල්. පීරිස්‌, මහින්දානන්ද අලුත්ගමගේ, සාලින්ද දිසානායක, එස්‌. එම්. චන්ද්‍රසේන, සී. බී. රත්නායක, බන්දුල ගුණවර්ධන, ඩලස්‌ අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, රේණුක විදානගමගේ, මනූෂ නානායක්‌කාර, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, ප්‍රියංකර ජයරත්න, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, විජිත බේරුගොඩ, කනක හේරත්, ඩබ්ලිව්. ජී. මුතුකුමාරණ, ජී. ජයසේන, චන්ද්‍රසිරි ගජධීර, ඒ. එච්. එම්. අස්‌වර්, උදිත ලොකුබණ්‌ඩාර, ජානක වක්‌කුඹුර, සරණ ගුණවර්ධන, ඉන්දික බණ්‌ඩාරනායක, අරුන්දික ප්‍රනාන්දු, සරත් කුමාර ගුණරත්න, රංජිත් ද සොයිසා, මොහාන් සිල්වා, වීරකුමාර දිසානායක, වී. කේ. ඉන්දික, ජනක බණ්‌ඩාර, නිශාන්ත මුතුහෙට්‌ටිගම, ෂෙහාන් සේමසිංහ, රෝහණ දිසානායක,  මාලනි ෆොන්සේකා, ටී. බී. ඒකනායක ඇතුළු පාර්ලිමේන්තුවරු ද, බස්‌නාහිර ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග, හිටපු ප්‍රධාන ඇමැතිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, එස්‌. එම්. රංජිත්, සරත් වීරසේකර, ප්‍රියානි විජේවික්‍රම, ශාමික බුද්ධදාස, තේනුක විදානගමගේ, ජයන්ත කැටගොඩ, රෝහණ දිසානායක, , විජිත බේරුගොඩ, රංජිත් ද සොයිසා, සනී රෝහණ, රොෂාන් රණසිංහ, ජයසිංහ බණ්‌ඩාර, ගුණරත්න වීරකෝන්, ඩුලිප් විජේසේකර , නිර්මල කොතලාවල, දිලුම් අමුණුගම, අබ්දුල් කාදර්, වයි. ජී. පද්මසිරි, එච්. ආර්. මිත්‍රපාල,  ජගත් බාලසූරිය, ආර්. ඩී. විමලදාස, කමලා රණතුංග, ගීතාංජන ගුණවර්ධන, එල්ලාවල මේධානන්ද හිමි, දිනේෂ් ගුණවර්ධන,  විමල් වීරවංශ,  සරණ ගුණවර්ධන, සරත් කුමාර ගුණරත්න,  මොහාන් සිල්වා, චන්දිම වීරක්කොඩි,   වී.කේ. ඉන්දික,     එච්.ඒ. මුතුකුමාරණ, වීරකුමාර දිසානායක, උදිත ලොකුබණ්ඩාර, වාසුදේව නානායක්කාර,ජානත වක්කුඹුර, ජයරත්න හේරත්, ඉන්දික බණ්ඩාරනායක,  අරුන්දික ප‍්‍රනාන්දු, ඒ.එච්.එම්. හිස්බුල්ලා,  , පී. පියසේන, ජානක ප‍්‍රියන්ත බණ්ඩාර,ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු විශාල පිරිසක්‌ ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

MR_Matara_Meeting3 MR_Matara_Meeting10 MR_Matara_Meeting11 MR_Matara_Meeting12

මාතර ජන රැළියේ වේදිකාවට අති විශාල මහජන නියේජිතයන් පිරිස දරාගත නොහැකිවීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වේදිකාවෙන් නැවත බිමට බැස්සවීමට පවා සිදුවී ඇත.

නොවැලැක්විය හැකි විවිධ හේතු නිසා මාතර ට පැමිණීමට නොහැකිව සිටි තිස්ස විතාරණ, ලොහාන් රත්වත්තේ (විදේශ සංචාරයක), නිමල් විජේසිංහ (විදේශ සංචාරයක), තිස්ස කරලියැද්ද, ඩබ්ලිව්.බී. ඒකනායක
සුමේධා ජී ජයසේන, සුසන්ත පුංචිනිලමේ, ටිරාන් අලස්, බැසිල් රාජපක්‍ෂ (බන්ධනාගාර ගතව ඇත), පේ‍්‍රමලාල් ජයසේකර (බන්ධනාගාර ගතව ඇත)
සජින් වාස් ගුණවර්ධන (බන්ධනාගාර ගතව ඇත) යන මහතුන් රැස්වීමට සුබපැතුම් පණිවුඩ ඒවා තිබුණි.

බද්දේගම සමිත හිමි, වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, අසංක නවරත්න, චන්ද්‍රසිරි ගජධීර, මහින්ද යාපා අබේවර්ධන, ඒ. එච්. එම්. අස්‌වර් යන අය උත්සව සභාව අමතා අදහස්‌ දැක්‌වූහ.

මාතර රැස්වීමට පැමිණ සිටි මහා ජන ගංගාවේ චායාරුප

MR_Matara_Meeting4 MR_Matara_Meeting5 MR_Matara_Meeting6 MR_Matara_Meeting9

රැලිය නැරඹීමට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා ජන ගඟ අතර

මව්බිම වෙනුවෙන් මාතරදී ජනගඟ හඬනගා ප්‍රතිඥාව නරඹන්න

රැලිය පිළිබඳව රුපවාහිනි වාර්තාවක්

මුලාශ්‍රය: අද දෙරන රුපවාහිනි නාළිකාව

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top