ත්‍රස්ත්‍රවාදය පිටු දකින දෙබිඩ්ඩෝ

බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට එල්ල කල බෝම්බ ප්‍රහාර වලින් යලි යලිත් ලෝකයට කියාදෙන පාඩම කුමක්ද ? ත්‍රස්තවාදය යනු ලෝකයේ කොතනත් තුරන් කළ යුතු පිළිලයක් බවයි. එය ලංකාවේ උතුරටත් ප්‍රංශයටත් ඇමරිකාවටත්, බෙල්ජියමටත් රුසියාවටත් බ්‍රිතාන්‍යටත් එක සේ පොදු කාරණයක් බවයි. බටහිර සුදු මහත්තුරුන්ට ත්‍රස්තවාදයේ නපුර මතක් වියයුත්තේ තමන්ගේ රටට කෙළින විට පමණක් නොවේ. 2001 සැප්තැම්බර් 11දින මනුෂ්‍ය ජීවිත සමග ඇමරිකාවේ ලෝක වෙළද මහල් සමතලා කළවිට ත්‍රස්තවාදයේ නපුර අත්විදි ඔවුන්ද එදා කීවේ ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කළයුතු බවයි. එසේම 2015 නොවැම්බර් ප්‍රංශයයේ පැරිස් නුවරට අයි.එස්‌.අයි.එස්‌. ම්ලේච්ඡයන් බෝම්බ ගසන විට ප්‍රංශයටත් එයම මතක් විණි. දැන් බෙල්ජියමේ ප්‍රහාරය සමග යළිත් ලෝකයට ත්‍රස්ත්‍රවාදයේ රහ අත්දකින්නට අවස්ථාවක් ලැබී තිබේ. ඒ සමග යුරෝපයටත් දැන් ත්‍රස්තවාදය අතුගා දැමිය යුත්තක් බව මතක් වී ශෝක ප්‍රකාශ නිකුත් කරමින් සිටී.එහෙත් අපි අමතක නොකළ යුතු කරුණක් තිබේ. පහුගිය කාලයේ ඩයස්පෝරාකරුවන්ට වෙනත් රටවල ත්‍රස්තවාදී කටයුතු කිරීමට අවශ්‍ය අරමුදල් එකතු කරන අනුග්‍රග්‍රාහක වැඩ සඳහා වාඩිලා ගැනීමට වැඩිමනක් ඉඩ දුන්නෙත් මේ යුරෝපා රටවල් බවය. එක අතකට ඔවුන් අද ගෙවන්නේ ඒ කරුමවල පව් විය යුතුය. කනගාටුවට කරුණ අද ඒවායෙහි වන්දි අහිංසක මිනිසුන්ට ගෙවන්නට සිදුවීමය.

ත්‍රස්තවාදය ලෝකෙන් තුරන් කළයුතු යයි ශෝක පණිවිඩ අරින සුදු මහත්තුරු ලංකාවෙන් මහින්ද රාජපක්ෂ එය නන්දිකඩාල් කලපුවට අතුගා දැමු විට ඒ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කළයුතු යයි කියන්නේ ඇයි ? ඔවුන් මුහුණ දුන් ත්‍රස්තවාදය හා අප මුහුණ දුන් ත්‍රස්තවාදය දෙකක් බව සිතා ද? ප්‍රභාකරන්ගේ මිලේච්ඡ ෆැසිස්ට්වාදය හමුවේ අයි.එස්‌.අයි.එස්‌ සංවිධානය පවා සුහුබුලන් බව ඔවුන් නොදැන ඉන්නට හේතුවක් නැත. ලංකාවේ ඉන්නේ ඔවුන් මෙන් එක දවසක ත්‍රස්තවාදයේ රහ බැලූ පිරිසක් නොව ISISලටත් වඩා ෆැසිස්ට්වාදී මිලේච්ඡ සංවිධානයකින් වසර 30ක් තිස්සේ බැට කෑ පිරිසකි.

එහෙව් ලංකාවේ, සියලු ජාතීන්ට මේ මරණ බය නැති කිරීම අද මහා යුධ අපරාධයක් සේ දකින්නේ බෙල්ජියම ප්‍රහාරයෙන් සිහි එළවාගත් සුදු මහත්තුරු වීමත් විශේෂය. ඔවුන්ගෙන් සහ ඊට උල්පන්දම් දෙන ලංකාවේ NGO නඩයෙන් ද ඔවුන්ගේ අන්තේවාසිකයන්ගෙන්ද උත්ප්‍රාසයෙන් අහන්නට තියෙන්නේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ වැදගත්කම දැන්වත් තේරුනාද?යනුවෙනි. ඒත් මොවුන්ගේ නරුමකම කොච්චරද කිවහොත් වසර 30ක්ම ලේ ඉල්ලපු මිනීමරුවකු විමුක්තිකාමීයකු ලෙස දුටු ඔවුන් ප්‍රංශ ප්‍රහාරයට පසු ඒ මිනිස්සු වෙනුවෙන් නම් ප්‍රංශ කොඩියද මුහුණු පොතට දැමුහ. ලංකාවේ කොටි ත්‍රස්තවාදීන් මායිම් ගම්මානවලට පැන බෙලි කපනකොට, බස්වල කෝච්චිවල බෝම්බ තියෙන කොට, අපේ රටේ මිනිසුන්ගේ ශරීරවල කොටස් කාණුපල්ලෙන් අහුලනකොට ඒ මිනිස්සු වෙනුවෙන් ඔවුන්ගේ පඩුපුල් අසුන් උනු නොවීමය. ඒවා ප්‍රභාකරන්ගේ විමුක්තිකාමී වැඩ ලෙස දැකීමය. මේ විකල්ප ගෝත්‍රය තවම නම් බෙල්ජියම වෙනුවෙන් කොඩි දමාගෙන නැත. ඔවුන්ට තියෙන හීනමානයේ තරමට ලංකාව, බෙල්ජියම, කියන්නේ ප්‍රංශය වගේ අන්තර් ජාතික මදි ඇති.
.
රත්තනදෙණියේ මේධානන්ද හිමි

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top