තරඟ කලොත් මා ජයග්‍රහණය කරනවා – හිටපු ජනපති

ජනාධිපතිවරණයෙන් පරාජය වී තෙමසක් ගත වුව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් සිය කාර්යබහුලත්වයෙන් මිදී නොමැත. ඔහුගේ සති අන්තය ගෙවෙනුයේ තංගල්ලේ පිහිටි තම නිවසට පැමිණෙන දහස් ගණනක් වූ ආධාරකරුවන් සමඟිනි. දසවසරක් පුරා පැවැති තම පාලන කාලයේ දී වෙනම රාජ්‍යක් ඉල්ලා සටන් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමට ද ඔහු සමත් විය.
බලය අවභාවිතයේ යෙදවීම, දූෂණ හා වංචාවලට අනුබල දීම සහ ගජමිතුරු සංග‍්‍රහයේ නිරත වූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ‘අල් ජසීරා’ රූපවාහිනියේ මිනෙලි ෆර්නැන්ඩස් සමඟ මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රථම වරට පැවැත්වූ සාකච්ඡුාවේ දී ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව ද දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට නැෙඟන චෝදනා ඔහු තරයේ ප‍්‍රතික්ෂේප කළේ ය.

පහත පළවන්නේ එම සම්මුඛ සාකච්ඡුාවේ පරිවර්තනයක් සහ ‘අල් ජසීරා’ සාකච්චාව පිළිබඳව හිරු රුවාහිනී නාලිකාවේ වාර්තාවකි.

අල් ජසීරා : බලයට පත්වූ නව රජය ප‍්‍රකාශ කොට තිබෙනවා ඔබ සම්බන්ධයෙන් සනාථ කළ හැකි වාර්තා ඔවුන් සතුව ඇති බවට?
මහින්ද රාජපක්ෂ මහතා: තමන් සතුව සනාථ කළ හැකි වාර්තා තිබෙන බව ඔවුන් හැමවිටම ප‍්‍රකාශ කරනවා. ඒ පිරිස දැන් මගේ ප‍්‍රතිරූපයට, මගේ පවුලට පහර ගසනවා. අපට එරෙහිව නඩු පවරනවා. අපට හිරිහැර කරනවා. මගේ පවුලට සම්බන්ධ කිසිවකු දේශපාලනයට එනවාට ඔවුන් කැමති නැහැ.
අල් ජසීරා : ජනාධිපතිවරණය පැවැති දින රාති‍්‍රයේ ඔබ නැවත වරක් බලහත්කාරයෙන් බලයේ සිටීමට උත්සහ කළාද?
මහින්ද රාජපක්ෂ මහතා: නැහැ. මම කලින්ම තීරණය කොට තිබුණා පරාජය වුවහොත් බලය අතහැරීමට. එනිසයි උදෑසන 5.30වන විට මා අරලියගහ මන්දිරයෙන් ඉවත් වුණේ. එවැනි ප‍්‍රකාශ මහත් විහිළුවක්. ඔබට පුළුවන්ද පැයක් හෝ දෙකක් හෝ ඇතුළත කුමණ්ත‍්‍රණයක් කොට බලය අල්ලා ගැනීමට. මේවා විකාර කතා.
අල් ජසීරා : බලය මාරු කිරීමට කටයුතු කරන්නැයි ජාත්‍යන්තරයෙන් ඔබට දන්වා තිබුණා. ඒ අනුව මෙම තීරණය ඔබ විසින්ම ගනු ලැබූ එකක් ද නැතිනම් කිසියම් බලපෑමක් මත එය සිදු වූවා ද?
මහින්ද රාජපක්ෂ මහතා: කිසිවකුට මට බලපෑම් කළ නොහැකියි. මා තීරණයක් ගත් කල එහි වගකීමද මා ගන්නවා. ඒ තීරණය මවිසින් ගන්නා ලද්දක්.
අල් ජසීරා : ලොව පැවැති දරුණුතම ගැටුම්වලින් එකක් ලෙස සැලකෙන වසර 30 මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය නිමා කළ ජනාධිපතිවරයා ලෙස ඔබ ඉතිහාසගත වෙනවා. සාමදූතයකු ලෙස තිබූ ඔබේ ප‍්‍රතිරූපය, යුද්ධය නිමාවී වසර 6කට පසුව ඔබ ඒකාධිපතියෙකු හා වංචා දූෂණ හමුවේ දෑස වසා සිටින පුද්ගලයකු බවට නැඟුණු දෝෂාරෝපණ හමුවේ බි`දවැටීමට පටන් ගන්නවා. එය ඔබේ ජනාධිපතිවරණ පරාජයට බල පෑ එක් සාධකයක් වූවාද?
මහින්ද රාජපක්ෂ මහතා: නැහැ. ඒ අවස්ථාවේ ඔවුන් තැතිගෙනයි සිටියේ. ඒ නිසා විශාල ව්‍යාපාරයක් ආරම්භ කළා. එය මට එරෙහිව මනාව සැලසුම් කළ මඩ ප‍්‍රහාරයක්.
ල් ජසීරා : ඔබ ජනාධිපතිධුරය දැරූ සමයේ පැවැති යුද්ධය දෙස නැවත හැරී බැලූවහොත් එකී යුද ජයග‍්‍රහණය ළඟාකර ගැනීමට අති විශාල වැයක් දැරීමට සිදුවූ බව විවේචකයන් ස`දහන් කරනවා. ඔබ සිතන්නේ එය වටිනවා කියාද?
මහින්ද රාජපක්ෂ මහතා: ඔව් ඇත්තෙන්ම එය වටිනවා. එසේ නොවුවා නම් අදටත් එම ප‍්‍රශ්නයට මුහුණදීමට අපට සිදුවෙනවා.
අල් ජසීරා : දූෂණ හා ඥාති සංග‍්‍රහයේ නිරත වූ බවට රාජපක්ෂ පවුලට එරෙහි චෝදනා විශාල ප‍්‍රමාණයක් එල්ල වෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා: නැහැ නාමල් හැරුණු විට වෙනත් කිසිවකු මා දේශපාලනයට ගෙන ආවේ නැහැ. එලෙස කටයුතු කළේ මට පෙර සිටි නායකයනුයි.
අල් ජසීරා : ඇයි ඔබේ එක් සොහොයුරෙක් ආරක්ෂක ලේකම්. තවත් සොහොයුරෙක් ආර්ථික සංවර්ධන ඇමතිවරයා.
මහින්ද රාජපක්ෂ මහතා: මට ඔවුන් පත්කර ගැනීමට සිදුවුණා. එය කළ යුතු වුණා.
අල් ජසීරා : එතකොට පාර්ලිමේන්තුවේ කථානායක?
මහින්ද රාජපක්ෂ මහතා: ඔහු මහජන ඡන්දයෙන් පත්වූ අයෙක්.
අල් ජසීරා : ගෙවුණු සති කිහිපයේ පසුගිය රජයේ සිටි ප‍්‍රබල පුද්ගලයන් කෙරෙහි දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවක් පෙනී යනවා. ඔබේ සොහොයුරා අත්අඩංගුවට ගැනුණා. ඔබේ මස්සිනා ජාතික ගුවන් සේවයේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටිනවා. ඔබේ ඥාති සොහොයුරා යුක්රේනයේ සිදුවූ අවි ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිනවා. ඔබ මෙය දකින්නේ විරුද්ධවාදීන් දඩයම් කිරීමක් ලෙසින්ද?
මහින්ද රාජපක්ෂ මහතා: ඔව් එය විරුද්ධවාදීන් දඩයම් කිරීමක්. මා ඔබ හා එකඟයි.
අල් ජසීරා : එය ප‍්‍රශ්නයක් ලෙසයි මා ඇසුවේ
මහින්ද රාජපක්ෂ මහතා: ඔබේ ප‍්‍රශ්නයට මා එකඟයි.
අල් ජසීරා : මෙවැන්නක් සිදුවන බව ඔබ පවසන්නේ ඇයි?
මහින්ද රාජපක්ෂ මහතා: ඔවුන් මට බයයි. නැතිනම් මගේ නමට බයයි. ඒ නිසා අපට පහර ගසනවා.
අල් ජසීරා: ඔවුන් බිය දක්වන්නේ කෙබ`දු දේවල් සම්බන්ධයෙන්ද?
මහින්ද රාජපක්ෂ මහතා: මා දන්නේ නැහැ. එහෙත් අප දේශපාලනයේ නිරතවනවාට ඔවුන් කැමති නැහැ. ඔවුන් සිතන්නේ ඊළඟ වතාවේ මා තරග කරයි කියා හෝ එවැනි දෙයක්. අප දේශපාලනයේ නිරත වන්නේ නවසිය 30 දශකයේ පටන්. අප පරාජය දැක තිබෙනවා. එහෙත් මෙවැනි තත්ත්වයක් කිසිදිනක අත්වි`ද නැහැ.
අල් ජසීරා: රජය ප‍්‍රකාශ කරන්නේ ඔවුන් නීතිය කි‍්‍රයා කරන්නේ සාක්ෂි මත පදනම්ව විනා කිසි දිනෙක කැන්ගරු උසාවිවලින් (අයුක්තිය රජයන උසාවි) නොවන බවයි.
මහින්ද රාජපක්ෂ මහතා: එසේනම් අත්අඩංගුවට ගැනීමේ තීරණ ගන්නේ කවුද? ඒ ස`දහා අණ දෙන්නේ කවුද?
අල් ජසීරා: ඔබට ශ්‍රී ලංකාවේ මීළඟ අගමැතිවරයා විය හැකියැයි සිතන්නේ ද?
මහින්ද රාජපක්ෂ මහතා: මා එසේ කියන්නේ නැහැ. එහෙත් මා තරග කළොත් ජයග‍්‍රහණය කරන බව මා දන්නවා.

සිංහල පරිවර්තන මුලාශ්‍රය: ලංකාදීප පුවත්පත

වීඩියෝ මුලාශ්‍රය: හිරු රුපවාහිනී නාලිකාව

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top