ටෝනි බ්ලෙයාර් ට බ්‍රිතාන්‍ය විදේශ තානාපති කාර්යාල තහනම්.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති බ්ලෙයාර් 2008 සිට 2011 දක්වා ප්‍රංශයේදීත් 2010 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේදීත් කිසිදු ගෙවීමකින් තොරව තම පුද්ගලික ව්‍යාපාරික කටයුතු සඳහා කිහිපවරක් ම බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල සේවා පරිහරණය කර ඇත.

තවද ඔහු පිලිපීනයට හා ලිබියාවට පුද්ගලිකව සංචාරය කල අවස්ථාවලදී ද තම ව්‍යාපාරික කටයුතු සඳහා එක්සත් රාජධානියේ තානාපති කාර්යාල සේවාවන් මුදල් නොගෙවා ලබාගෙන ඇත.

අයුතු ලෙස සේවාවන් ලබා ගැනීම පිළිබඳව මෙම තොරතුරු එලිවිම හේතුවෙන් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය පෞද්ගලික ව්යාපාර සංචාර වලදී බ්ලෙයාර් මහතාට බ්‍රිතාන්‍ය විදේශ තානාපති කාර්යාල තුල රැඳී සිටිමින් ඔහුගේ පුද්ගලික ව්‍යාපාර කටයුතු කිරීම තහනම් කර ඇත.

වසරකට පවුම් මිලියන 60 ක වත්කමක් ඇති හිටපු අගමැති බ්ලෙයාර්, අවස්ථා කිහිපයකදීම බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගේ වියදමින් ප්‍රංශයේ හා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල කුලී නොගෙවා එහි නැවතී ඇත. තවද පිලිපීන සංචාරයකදී බ්ලෙයාර් එහිදී බ්‍රිතාන්‍ය තානාපතිවරයාගේ නිල නිවාසයේ ගෙවීමකින් තොරව නවාතැන් ගෙන පිලිපීනයේ මැනිලා නුවර දේශන දෙකක් පවත්වා ඇති අතර එක දේශනයක් සඳහා පවුම් 400,000 ක් ගාස්තුවක් අයකර ඇත.

පෞද්ගලික ව්යාපාර සංචාරයකට එවකට ලිබියානු නායක ගඩාෆි හමුවීමට ගිය විටදී ද ඔහු ට්‍රිපොලි නුවර එක්සත් රාජධානියේ තානාපති කාර්යාලයේ සේවාවන් නොමිලේ ලබාගෙන ඇත.

මෙවැනි සංචාරයන්හිදී ටෝනි බ්ලෙයාර්ගේ කණ්ඩායමට ඔහුගේ කාර්යාල සහයකින් 6 දෙනෙකු සහ සැලකිය යුතු ආරක්ෂකයින් සංඛ්‍යාවක් අයත්වේ.

බ්‍රිතාන්‍ය Daily Mail පුවත් පත වාර්තා කරන්නේ හිටපු බ්‍රිතාන්‍ය අගමැති බ්ලෙයාර් විදේශ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල සේවා පරිහරණය පිළිබඳව සියළු විස්තර විමසුවද බ්‍රිතාන්‍ය රාජ්‍ය ඔහුගේ සංචාර 20 ක පමණක් විස්තර සපයා ඇති බවයි.

මෙම අයුතු පරිහරණ හෙළිවීම පිළිබඳව බ්ලෙයාර් ගේ නියෝජිතයෙක් පවසන්නේ මෙම සංචාර වලදී හිටපු අගමැතිට බ්‍රිතාන්‍ය විදේශ තානාපති කාර්යාල වලින් ආරාධනා කර ඇති බවත්, එසේ නොවූ අවස්ථා වලදී හිටපු බ්‍රිතාන්‍ය අගමැති හෝටල්වල නවාතැන් ගත් බවය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top