ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවේ ඊළඟට දුමින්ද සිල්වා

සතොසේ හි සිදුවූ බව කියන වංචාවකට ප්‍රකාශයක් ගැනීමට සඳහා හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (05) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා ප්‍රකාශය ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය දින කිහිපයකම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව වෙත ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ වත්කම් පිළිබඳව ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.
පොලිසිය පවසන්නේ ඇමැති ප්‍රනාන්දු මහතා ගේ කාලයේ ලංකා සතොස ආයතනයෙන් රු. මිලියන පහක භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයකට ප්‍රශ්න කිරීමකට ප්‍රනාන්දු මහතා කැඳවූ බවය.
අත් අඩංගුවට ගත් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට පැය කිහිපයකට පෙර කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ සිට අලුත්කඩේ උසාවියට ගෙන ගොස් අලුත්කඩේ අධිකරණයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කලාය. එහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබන බදාදා (06) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස නියෝග කර, ඒ වන තෙක් ඔහු රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට පොලිසියට නියෝග කළේය.

නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි රජයේ බලවත් ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙක් අද ලක්දෙරණ ට රහසිගතව පවසා සිටියේ මහා ජනතාව අතර හිටපු ජනාධිපති රාජපක්ෂ ගේ ජනප්‍රියත‍්වය බලාපොරොත්තු නොවූ ආකාරයට දිනෙන් දිනම වැඩිවෙමින් පැවතීම නව රජයේ කොටසකට තද හිසරදයක් වී ඇති බවයි.මේ බව පසුගිය ශ්‍රිලනිප මැයි දිනයෙන් පසු රජයට තදින් ඒත්තු ගොස් ඇති බවයි.

හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු රාජපක්ෂ පිළේ බැවින් ලබන මැයි 8 වැනිදා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කුරුණෑගල පැවැත්වෙන රැලියට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතගේ සහභාගිත්වයෙන් සහ සහයෝගය තුලින් කුරුනෑගල දිස්ත‍්‍රික්කයම මහින්ද රාජපක්ෂ ට නිසැකවම සුභවාදී විය හැකි බැවින් කෙසේ හෝ වලක්වන ලෙස එම දිස්ත‍්‍රික්කයම නියෝජනය කරන එජාප ඇමති අකිල් විරාජ් විසින් ආණ්ඩුවේ ඉහලම තැනකින් කරන ලද ඍජු ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම මත මෙම කටයුතු මැයි 8වැනිදාට පෙර වේගවත් කරන ලෙස ආණ්ඩුවේ ඉහලම තැනින් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට අණකර ඇති බව අද ලක්දෙරණ ට තොරතුරු දැන්වූ ලේකම්වරයා කීවාය. ඩලස් අලහප්පෙරුම, ගම්මන්පිළ වැනි රාජපක්ෂවාදීන්ට ද මැයි 8 වැනිදා කොළඹ අධිකරණයේ පෙනීසිටීමට අණකර ඇති බැවින් රටේ නීති රාමුව තුල සිටිමින් කුරුණෑගල පැවතෙන රැස්වීම කඩාකප්පල් කිරීමට ඇති හොඳම මග මෙය බවත් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ එජාපය ජය ගැනීමට නම් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ දේශපාලන ක්‍රියාකාරිත්වයට තිත තැබීම ඉතාම අත්‍යවශ්‍ය යයි අකිල් විරාජ් විසින් කලින් සඳහන් කල ආණ්ඩුවේ ඉහලම බලවතෙකුට පෙන්වා දී ඇත.
මැයි 8වැනිදාට නුදුරුව පසුගිය රජයේ ප්‍රබලයකු ව සිටි දුමින්ද සිල්වා අත් අඩංගුවට ගැනීමට පොලිසියට ඉතා ඉහල තැන අණ කර ඇති බව බලවත් ඇමතිවරයෙකුගේ ලේකම්වරයා අදලක්දෙරණට පැවසිය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top